17

460 116 126
                                    

තමා ඉදිරියේ සිටින සිය සුන්දර රෝස කුසුම දුටු යුන්ගිට සිය තොල කට වියලී යන්නාක් සේ දැනුනා. කිව යුත්තේ කුමක්දැයි කියා වටහා ගන්නට හෝ නොහැකි තරමට ඔහුගේ මනස සුන්දර රුවෙන් මත් වී ගොස් තිබුනා.

ඔහුට කල හැකි වුනේ තමා දෙසට ආදරයෙන් බලමින් දිගුකල සිහින් සිනිදු දෑත් අල්ලා ගන්නටයි. කිසි දිනෙක යලි වෙන් නොවන්නටම.....

චාරිත්‍රානුකුලව පාත්තයෙකුගේ අනුරුවක්, හෝසෝක්ගේ මියගිය මෑණියන් සිහිකොට පිළිගැන්වූ ඔවුන් එකම බඳුනකින් පානය කලේ ඔවුන් දෙදෙනාගේ ජීවන පථයන් එක් වූ බව සනිටුහන් කරමින්. ඉන්පසු එකිනෙකාටත්, ගම් නායකයා සහ සියලු වැඩිහිටියන්ටත් හිස නමා ආචාර කර ඔවුන්, සිය නව දිවියට ඒ සියල්ලන්ගේම ආශිර්වාද ලබා ගත්තේ එකිනෙකාගේ දිවි ගමනේ නොනිමි සහකරුවන් වන බවට හද පත්ලෙන්ම පොරොන්දු වෙමින්.

වචනයෙන් නොකීවද, ඔවුන්ගේ නේත්‍රාවන්හි ඇති කාන්තියත්, තවමත් ඉතාම දැඩිව ග්‍රහණය කරගෙන සිටින එකිනෙකාගේ දෑත්ද ඔවුන්ගෙන් හැඟීම් පිලිබඳ ශාක්ෂි දැරුවා.

විවාහ උත්සවයේ අවසානය සනිටුහන් වුනේ 'පේබේක්' චාරිත්‍රයෙන්.

මනරම් පුෂ්පයන් ගෙත්තම් කල සුදු රෙදිකඩක්, එකිනෙකාට මුහුණලා අසුන් ගෙන සිටි නව යුවලට දෙකොනින් අල්ලා ගන්නා ලෙස පැවසූ ගම්මානයේ වයෝවෘධ ස්ත්‍රියක්, ගම් වැසියන් සියලු දෙනාටම චෙස්නට්, රට ඉඳි සහ වියලා කුඩා කැබලි කල මාංශ අහුර බැගින් ලබා දෙන්නට වුනා. නව යුවලට ඇති කාර්යය වුනේ ගම්මුන් ඒවා අහසට විසි කරන විට හුන් තැනින් නොනැගිට සහ රෙදිකඩ අත් නොහැරම ඒවා රෙදිකඩ මතට දමා ගැනීමයි.

මෙය ඉතාම වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකුනේ රෙදිකඩ මත ඇති ආහාර කැබලි ගණන නව යුවලට අනාගතයේ ලැබිය හැකි දරුවන් ගණන පිලිබඳ පුරෝකථනයක් ලෙස මහලු වැඩිහිටියන් අතර විශ්වාසයක් පැවති නිසාවෙන්.

නමුත් වයෝවෘධ ස්ත්‍රියට වූ මතකය පිලිබඳ ඇති ගැටළුවක් නිසාවෙන් චාරිත්‍රයේ වැදගත්කම පිලිබඳ පැහැදිලි කිරීමට අතපසු වූ අතර, නව යුවලට අණ ලැබුනේ ආහාර කැබලි වස්ත්‍රයට එක් රැස් කර ආශිර්වාද රැස් කර ගන්නා ලෙසයි.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now