26

444 101 116
                                    

' යුන්ගි.... මා ඔබ සොයා එන්නම් ඉක්මනින්ම මගේ පණ... ඔබ නැති ලොවකින් මට පලක් නැහැ..... ඔබ මා එනතුරු බලා සිටිනවා නේද? '

"නිර්භීත තරුණයෙක්... රැගෙන යන්න මොහු රජු ඉදිරියට... ඔහු විසඳාවි මොහුගේ ඉරණම.." කියමින් මව් බිසව හිස වනා සොල්දාදුවන්ට සන් කලේ අමුතු සිනහවක්ද ඇතිවයි.

නමුත් හෝසෝක් කිසිත් සිතන්නට පෙරම ඔහුගේ දෑතින් අල්ලාගත් සෙබළුන් ඔහුව ඉවතට රැගෙන යන්නට වුනේ ශි-හ්යුක් වෙදදුරුතුමන්ගේ කෑ ගැසීම් මධ්‍යයේයි.

සුවිසල් මැදුරු සංකීර්ණ රැසක් පසු කරමින් බොහෝ මංමාවත් දිගේ හෝසෝක්ව රැගෙන ගිය සෙබළුන් අවසානයේ ලඟා වුනේ මාලිගාවේ ඉතා අභ්‍යන්තරයේ පිහිටා තිබු, තරමක් අඳුරු වුවත් ඉතා සුවිසල් කුටීරයක් වෙතයි. බොහෝ අලංකාර ලෙස සරසා තිබු එම කුටීරයේ රන් මකර රූ සහ දුර්ලභ පිඟන් භාණ්ඩ වැනි වටිනා දෑ මෙන්ම මනස්කාන්ත සිතුවම් සෑම බිත්තියකම පාහේ දක්නට ලැබුනා.

නමුත් ඉන් වඩාත් කැපී පෙනුනේ ෆීනික්ස් පක්ෂීන්ගේ හිස කොටස සහිතව රනින් කල අත්වැටකින් හෙබි පඩි කිහිපයකින් සමන්විත වූ කුඩා පිය ගැට පෙළත් ඒ අවසානයේ තිබූ සුවිසල් සිංහාසනයත්.

සිංහාසනයේ කිසිවෙක් ගාම්භීරව අසුන් ගෙන සිටිනු ඒ ඉදිරියේ වූ සුවිසල් තිරය තුලින් අපැහැදිලි චායාවක් සේ පෙනෙන්නට වුනා. පියගැට පෙළ පාමුල හෝසෝක්ව දණ ගැස්වූ සෙබළුන්, ආසනයේ සිටි තැනැත්තාට හිස නවා ආචාර කරමින් ඉන් පිටත්ව ගියා.

'ෆීනික්ස් පක්ෂීන්.... රන් මකරුන්.... මේ තමා රජුගේ පෞද්ගලික කුටිය එසේනම් '

'එවිට සිංහාසනයේ සිටින්නේ වත්මන් රජු... මෑණියන් පැවසුවා නිවැරදියි.... ඔහු කිසිවෙකුට සිය රුව පෙන්වන්නට අකමැති හැඩයි...'

හෝසෝක් හිස බිමට නවාගෙන එලෙසම සිටින්නට වුනේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකිවයි.

"රජතුමනි.. මේ සිටින්නේ ශි-හ්යුක් වෙදදුරුගේ පුත් හෝසෝක්.... ඔහුයි මව් බිසව විමසූ පැනයට සරිලන ඔසු සොයාගෙන තිබෙන්නේ ....." රජු අසලම සිටි රජුගේ ප්‍රධාන උපදේශක එසේ කියමින්, හෝසෝක් තමා සතුව රැගෙන අවුත් පසුව මව් බිසවට පිළිගන්වන ලද ඔසු ආලේපනය රජුට පිළිගන්වන්නට වුනා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now