3

465 135 34
                                    

යුන්ගිත් ජන්කුක්නුත් ස්තාලයේ අසුන් නවත්වා , උන්ට අවශ්‍ය අාහාර පාන ලබාදී පැමිණෙන විට නම්ජුන් සහ හෝසෝක් තානායම පිරිසිඳු කර හමාරයි. නමුත් ඔවුන් දෙදෙනාම දෑස් පෙනෙන මානයේ පිහිටි ජලාශය කරා ගියේ ඔවුන් දෙදෙනාත් දීර්ඝ ගමන නිසාම අපිරිසිඳුවත් දැඩි තෙහෙට්ටුවටත් පත්ව සිටි නිසාවෙන්.

ජන්කුක් නම් ජලාශයට පැන්න ගමන්ම හතර වටේ පිහිනා යමින් දිය කඳත් එක්ක සෙල්ලම් කරන්න ගත්තේ කුඩා දරුවෙක් වගේ. වරින් වර දිය තලයට අතින් ගසමින් උඩට විහිදෙන වතුර දිහා බලමින් ඔහු සිනාසුනේ අහිංසක හා පැටියෙක් වගේ.

ඔහුගේ මේ කෙළිලොල් සෙල්ලම් දෙස බලාසිටි දෙදෙනෙක් වුනා.එක් අයෙක් නම් යුන්ගි. ඔහු සිය හිස්වැස්ම යටින් සිය කුඩා සොහොයුරාගේ දඟකාරකම් දෙස මද සිනාවකින් යුතුව බලා සිටියා. ජන්කුක් කොපමණ වයසට ගියත් යුන්ගිට නම් ඔහු තාමත් ඔහුගේ හුරතල් කුඩා සොයුරාමයි.

ජන්කුක් දෙස බලා සිටි අනෙකා නම් ජන්කුක්ගේ මේ වයසට සහ හැඩි දැඩි පෙනුමට නොගැලපෙන කෙළිලොල් වැඩ වලට ආගන්තුකයෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ජලාශය අසලම තිබුණු නිවසේ ඉදිරිපස ආලින්දය කොටසෙහි සිට බලා සිටි නම්ජුන්.

'සොල්දාදුවෙක්ලු. යුධ වදින්නත් ගියාලු. සිරුරේ හැඩි දැඩි මස්පිඬු. කතාබහින් නම් තරුණියන් වසඟ කරනා සෙල්ලක්කාරයෙක් වගෙයි. නමුත් මෙවැනි වැඩ වලින් නම් පෙනී යන්නේ කුඩා දරුවෙක් වගෙයි. සිනහවත් කුඩා හා පැටියෙක් සිහි ගන්වනවා'  ජන්කුක් වතුරේ ගිලෙද්දී නම්ජුන් සිහින ලෝකෙක ගිලී යන්නට වුනා.

ඒ අතරේ යුන්ගිත් දියට බැස හමාරයි. නමුත් ඔහු තවමත් ඔහුගේ හිස් ආවරණය ඉවත් කර නැහැ. ජන්කුක් මෙන් නොව ඔහු ඉතා ඉක්මනින්ම තම ශරීරය පිරිසිඳු කරගෙන ගොඩට එන්නට වුනා.

'මොහු මේ හිස් වැසුම ඉවත් නොකරන්නේ මන්ද ? මා හට ඇත්තේ බොහොම සැකයක් මේ ගැන. ඔහුගේ සිරුරේ කැපුම් තුවාල ඇති බව හැබෑව. නමුත් හිස් වැසුම ඉවත්නොකර සිටීම නම් ගැටළුවක්. හෝසෝක් සහ මා වැරද්දක්වත්ද කලේ මොවුන්ට නවාතැන් දීමට නායකතුමා කැමති කරගනිමින් ?' නම්ජුන් සිතන්නට වුනා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now