WHAT HAPPENED 2U🤒

260 68 28
                                    

ටේහෝන්ග්  තම දෙනෙත් විවර කර බලද්දී ඔහු හට  එකවරම දිස්වූයේ , මෙතෙක් වේලා ඔහු වට කර තිබූ ඝන අන්ධකාරය වෙනුවට ආලෝකයෙන් වටවු  අවකාශයකි.

වේදනාවෙන් කකියන තම, හිසට  අත තබමින් ඔහු  කාමරය පුරා තම නෙත් යොමු  කරමින් බලන්නට වූයේ, තමා දැන් මේ සිටින නුහුරු නුපුරුදු ස්ථානය කුමක්ද යැයි දැනගැනීමටය. 👀 👀👀

කාමරය පුරා හිමින් සීරුවෙ නෙත් යැවූ  ටේ,  හට ඔහුගේ දකුණු පස කෙළවරට වන්නට කිසිවකුගේ බොදවූ  ඡායාවක්  දිස්විය .

මද වේලාවක්  ඒ දෙස බලා සිටි ඔහු හට  එම නොපැහැදිලි චායාවේ හිමිකරු කවුරුන්දැයි පැහැදිලි විය.

Taehyng' s pov :

" miss Urusula ."

"ඒ කියන්නේ මං මේ ඉන්නේ scl sick room එකේ ද?."

" ඒත් ඇයි ?."

ඊට පස්සේ;  මං මගෙ  අතේ දකුණු අත පැත්තට ඔලුව හරවල බැලුවේ , භූත ආත්ම සමූහයක් මගේ ළඟට වෙලා මං දිහා බලාගෙන  ඉන්නවා වගේ මට දැනුනු හින්දයි.

ඇද ලගට වෙලා ඉන්න නොපැහැදිලි භූත ආත්ම දිහා මං  ටික වෙලාවක් බලන් හිටියේ ඇත්තටම මෙතන වෙන්නෙ මොනවද කියල මට හරියට වැටහීමක් තිබුනේ   නැති නිසයි.

මට දැනුනේ  මං හරියට පණ පිටින් අපායට ගිහින්, අපායේ  යක්ෂයින් ගෙන් බැට කන්න සැරසෙන  අහිංසක ආත්මයක් වගෙයි  කියලා.

ඒත් ටික වෙලාවක් ඒ භූතාත්ම දිහා බලාගෙන ඉන්නකොටයි  මට තේරුනේ මං ඉන්නේ ඇත්තටම අපායෙ  නෙමෙයි ඉස්කෝලේ හෙද  කාමරයේ ඇඳක් උඩ  වෙලා වෙලායි කියලා .

ඒ වගේම මගේ ඉස්සරහ ඉන්න මේ භූතාත්ම වෙන කවුරුත් නෙමෙයි. මගේ අලුත් යාලුවෝ තුන්දෙනයි ,   ජින් හියොන්ග්නුයි, ඒ වගේම ජෙෆ් සර්රුයි කියලත්.

එයාලාව  පැහැදිලි ව දැක්කට පස්සෙ මට ඉබේටම වගේ හිනා ගියේ දැන් ටිකකට කලින් මං හිතුව පිස්සු  විකාර දේවල් ආයෙත් මතක් වෙලයි.🤭🤭😂

ඒත් ඒ හිනාව වැඩි වේලාවක්  තියාගෙන ඉන්න මට හම්බවුනේ නෑ  මොකද ඒ  හිනාව යටපත් කරන්න තරම්; මගේ ඔලුව කැක්කුම ශක්තිමත් වුන නිසා.
-------------------------------------------

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now