🙏 CONFESSION 🙏

205 48 32
                                    

" මොකද ටේහෝන්ග් ?, මොකක් හරි.....ප්‍රශ්නයක් ද ?"

" ඔයා ඇයි ?.....ඔය විදියටද මගේ දිහා බලාගෙන ඉන්නේ ."

තමාගෙ කමිසය දෙස  මහත් ඕනෑකමින් බලා සිටි ටේහෝන්ග් දිටි  මහාචාර්යවරයා ඔහුගෙන් එසේ විමසීය.

" ආ....... මට දැනුම් තේරුනේ."

" ඔයා මගේ ෂර්ට් එකේ  ඩිසයින් එකට කැමතියි නේද?."

" එහෙනම් ඔයාටත් හොඳ ෆැෂන් ටේස්ට් එකක් තියෙනවා . එහෙම බලද්දී...... හැම අතින්ම වගේ අපි දෙන්නා ... එකිනෙකාට ගොඩක් සමානයි ."

නමුත් මෙවර  මහාචාර්යවරයා පැවසූ  කිසිවකට පෙර මෙන්  ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර නොදැක්වූ ටේ ,  තවමත්;  ඔහුගේ මල් මල් කමිසය දෙස ඕනෑකමින් බලමින්   කල්පනාවේ නිමග්නව සිටි බවට  ඔහුගේ මුහුණේන්  හොඳින් පිළිබිඹු විය .

Professor :- " taehyng !......Hello! ..... ඔයාට මාව ඇහෙනවද ?...."

"මොනවද ඔයාට ඔච්චරටම  මගේ කමිසේ  දිහා බලාගෙන කල්පනා කරන්න තියෙන්නේ . ආ ......"

Tae :- "  ඔයාගේ.....ෂර්ට් එකේ ..... එක බොත්තමක් අඩු ඇයි ?........"

Professor :- " ආ.....ඒකද ?, ඇත්තටම ඒක නම් හරිම අපරාධයක් තමයි."

" මං හදිසි වැඩකට කොහෙ හරි ගිය වෙලාවක තමයි ඔය බොත්තම වැටෙන්න ඇත්තේ ."

" මට  ඉතින් එක එක වැඩවලට නිතරම එහෙ මෙහෙ යන්න වෙනවනේ . හැබැයි ඉතින් ; මං  හැම තැනම ඔය බොත්තම හෙව්වත් මට ඒක ආයේ  හම්බ වුණේ  නෑ .......

වැඩේ කියන්නේ මට හරියට මතකත් නෑ ඒක කොහෙදීද  වැටුණේ කියලවත්."

මෙලෙස මහාචාර්යවරයා ටේ ඇසූ හදිසි පැනයට පිළිතුරු දෙන්නට වූයේ..... එක් අතකින් තම නලළ  තදින්  පිරිමදින ගමන්ය.

Tae :- "  එහෙනම්....... ඔයයි ඒවා කළේ........"

Professor :- "  මොකක්ද?."

Tae :- "  ඔයා තමයි.... සැරින් සැරේ මගේ පස්සෙන් ඇවිත් මං  ළග එක එක කොළ කෑලි තියලා ගියේ ."

" එතකොට ඔය නැතිවුණයි කියන බොත්තම තමයි එදා.... මගේ කාමරේ ඉස්සරහ වැටිල තිබිල නැනී  හොයාගත්තේ."

" එහෙනම් ඒ ඔයයි මහාචාර්යය ජෙෆර්සන් ?."

"මුලදි මං හිතුවේ පස්සෙන්   කාවහරි එවන්න ඇත්තේ මගේ තාත්තා කියලායි."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now