🏃THE ESCAPE 🚗

74 27 11
                                    

" S**t ... සේරම වතුරේ ගියා ....
දැන් මොකක්ද මං කරන්නේ "

ඇගිලි වලින් තම  හිස කෙස් අවුල් කර ගනිමින් වසා ඇති දොරට පිටුපා වාඩී වී සිටි ටේහෝන්ග් මෙලෙස තමා හටම පවසා ගත්තේ ය.

එකවරම නිවස අසලින් කුලී රථයක හඬ ඇසී යාමෙන් තිගැස්සීමට පත් වූ ටේහෝන්ග්  ජනේලය අසලට ගොස්  එබිකම් කර  බලන්නට  වූයේ .... හදිසියේම කුලී රථයක් තම නිවසට පැමිණෙන්නේ ඇයි දැයි සැක හැර දැන ගැනීමටය .

පසුව ටේහෝන්ග්  හට දැක ගත හැකි වූයේ,  තම පියා විසින් හදිසියේම කුලී රථයක නැගී පිටත් වන අයුරුයි.

දහඅට වසරකට පෙර සිදුවූ අනතුරින් පසුව ටේගෙ  පියා මෙලෙස රථයක නැගී පිටව යන පළමු අවස්ථාව මෙයයි.

" තාත්තා කවදාවත්ම නැතුව ටැක්සි එකකින් යන්න තරම්.... එයාට තියෙන වැදගත් වැඩේ මොකක්ද ?."

පියාගේ මෙම හදිසි පිටව යාම සැක සහිත වුවද , ටේහෝන්ග්  හට ; නිවෙසින් බැහැරට යාම පිළිබඳව ඉන්  නව බලාපොරොත්තුවක්  මල්ඵල ගැන්වී ය .

" හ්හ..... මම කොහොම හරි දැන් මෙතනින්  පැනගෙන රෑ වෙන්න කලින් අංකල්ගෙ ලැබ් එකට  යන්න ඕනේ....

" ඒත් මේ කලබලේට  කිසිම අදහසක් ඔලුවට එන්නේ නෑනේ...."

"ජනේලය......

ඔව් ,  ඒක තමයි ගෙදරින් එළියට පැනගන්න තියෙන එකම මාර්ගය."

පසුව ඔහු ජනේලය ඇර  ඉන් පිටත බලන්නට වූයේ තමා හට පහසුවෙන් ඉන්  පිටව යා හැකි වේ යැයි සිතාය .

" අයියෝ දෙවියනි.....! , තට්ටු තුනක් උස ජනේලයකින් මං කොහොම බිමට පනින්නද ?." 🥲🥲

" මං හිතන්නේ අද මගේ වාසනාව මාව දාලා විනෝද ගමනක් ගිහින් ද කොහෙද ?."

" අඩුම තරමේ ඉස්කෝලෙදි බාල දක්ෂවත් කරලා තිබුණා නම් මොන ගැටේ ගහලා හරි මෙතනින් පැන ගන්න තිබුණා ..."

කාමරයේ එල්ලා ඇති බිත්ති ඔරලෝසුව දෙසට මොහොතක් නෙත් යොමු කර  සිටි ටේහෝන්ට එහි සවස 3.30 යනුවෙන් සටහන් වී ඇති අයුරු දක්නට ලැබුණා .

" මොනවා කරන්නත් තව ටික වේලාවයි තියෙන්නේ .රෑ වෙන්න කලින් 'ටොන්ගස් ' වලට යන්නත් ඕනේ ..."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now