😜THE INNOCENT REVENGE 😜

296 69 47
                                    

සුදු ආලෝකයකින් වටවු  අවකාශයකි.☄️☄️
බැලූ බැල්මට පෙනෙනුයේ  සැත්කම් සිදු   කිරීමට ගන්නා  බඩු බාහිරාදියෙන් පිරී ඇති කුටියක් පරිද්දෙනි .⚗️🔬🛏️

එහි ලෝහමය ඇඳන් දෙකක් මත ප්‍රාණය නිරුද්ධ කරන ලද ගැහැනියකගේ සහ පිරිමියෙකුගේ සිරුර දෙකකි.
මුලින්ම ඇති සයනයෙහි කාන්තාව ද, ඊට මදක් ඈතින්... කාන්තාවගේ වම්පසට වන්නට ඇති  සයනයෙහි පිරිමියාද වැතිර සිටින අයුරු දක්නට ලැබේ.

මොවුන්ගේ  අත් පා සායනයට සවි කරන ලද  යදම් වලින් ⛓️⛓️ බැඳ  ඇති අතර ඔවුන්ට මදක් ඉහළින් ශල්‍යාගාරයක් තුළ දක්නට ලැබෙන්නා වූ ගණයෙ විදුලි ආලෝකයකින් යුත් පහනක් ;දැල්වීම නිවී යන අයුරු දක්නට ලැබේ.💡💡

නමුත් මෙමගින් නිකුත් වන ආලෝකය නම් සාමාන්‍ය ආලෝකබුබුළු වලින් නිකුත් කෙරෙන ආලෝකයට වඩා බොහෝ සෙයින් වෙනස්ය.

ඊට හේතුව මෙහි ආලෝකය රතු පැහැති වීම ය .

මෙම   රත් පැහැ ආලෝක දහරාව නිවී නිවී දිලෙන්නට වූයේ කෙනෙකුගේ මනස මෝහනයට පත්කරන ආකාරයටය .

කාන්තාව සහ පුරුෂයා නිදා සිටින ඇඳන් අසලින් තවත් පිරිසක් ඔවුන් දෙස විමසිල්ලෙන් බලා සිටින අයුරු දක්නට ලැබෙයි.
  නමුත් මොවුන්ගේ රූප;  දිස් වනුයේ බොද වී ගොස් ඇති අයුරින්ය.

ඔවුන් සැබවින්ම මිනිසුන් ද නැතිනම් මිනිසුන් නොවන වෙනත් කොට්ඨාශයක් ද යන්න   හරි හැටි වටහා ගැනීමට ද අසීරුය.

වැතිර  සිටි කාන්තවගෙ ශරීරයේ ප්‍රාණය නිරුද්ධ වී තිබුණ ද ,ඇය කිසියම් වූ වේදනාවකින් පෙළෙන බව හැගෙන්නේ .... ඇයගේ මනසේ ඉකි ගැසූම් හඬ වා තලය පුරා දෝංකාර දෙන්නට වූ නිසාවෙනි .

සුළු මොහොතකට පසු;  බොදවූ රූප වලින් යුක්ත ජීවීන්ගෙන්   එක් අයෙකු, උල් වූ සිරින්ජරයක් වැනි  ආයුධයක් ;කාන්තාවගේ   නිසල ශරීරය වෙත ළං කිරීමට උත්සාහ දැරු අතර ; ඉන් එක් අයෙක්, එය; ඔහු සමග පොර බැඳීමෙන් වළක්වා ලීමට උත්සාහ දරයි.

පසුව ක්ෂණයෙන්,  ඔවුන් සිටි කුටිය යම් දෙදරීමකට   ලක්වුයේ අවට ඇති බඩු සියල්ල ද සී සී කඩ විසිරී යාමට සලස්වමිනි.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now