WE ARE FAMILY 💜️🤗

254 61 55
                                    

පළමු වාර  අවසාන දිනයේදී ටේහෝන්ග් , පාසල හැරී; පාසල් කොරිඩෝව දිගේ තනිව ඇවිද යන්නට වූයේ ප්‍රධාන ගේට්ටුව දෙසට ය.

මේ වන විටත්  බොහෝ සිසුන්  වේලාසනින්ම  නිවෙස් කරා පිටත්ව ගොස් සිටි බැවින්, පාසල් කොරිඩෝව සම්පූර්ණයෙන්ම හුදකලා ස්වරූපයක් ඉසිලූහ .

එනම් ඒ වන විට එහි සිටි එකම මිනිස් ප්‍රාණියා වූයේ ටේහෝන්ග්  පමණකි.

එලෙස ටික දුරක්, කොරිඩෝව දිගේ   නිසොල්මනේ ගමන් කළ ටේහෝන්ග්  හට එකවරම කිසිවකුගේ විලාප හඬ ඇසෙන්නට වූයේය .
නමුත් කීප වරක් ඔහු තම නෙත් වලින් ඒ අවට පරීක්ෂා කර බැලූව ද  ඔහුට එහි තමා හැරණු විට වෙනත් කිසිවකුගේ  සේයාවක්වත් දක්නට නොලැබී ය.

පියවර කිහිපයක් යළි ඉදිරියට පා තැබූ ටේ , නැවතත් මදක්  නතර වෙමින් වටපිට බලන්නට වූයේ... පෙර ඇසුණු  විලාප නාදය ඉකි  ගැසීමක ස්වරූපයෙන් ඔහු හට යළිත් ඇසුණු බැවින්ය .

සැබවින්ම එය කාන්තාවකගේ ඉකි ගැසීමකට හා විලාපයකට සමාන හඬකි.

නමුත් පාසල තුළ කාන්තා නියෝජනය බොහෝ අල්ප වූ බැවින් ඒ හඬ පාසලේ  ගුරුවරයකු එයයි ගුැයි ගුරුවරියකගේ යැයි සිතුවද මේ වන විට ගුරුවරුන් සියල්ලම පාහේ පාසලෙන් පිටව ගොස් ඇති නිසා එය ද විය නොහැක්කකි.

කිහිපවරක් මෙලෙස එම හඬට හොඳින් සවන් දී සිටි ටේහෝන්ග්  හට   එකවරම සිහියට නැගුණේ පෙර දිනක රාත්‍රියේ ද මෙවැනි හඬක් තමා හට ඇසුනු බවය .

සැබවින්ම මෙම  හඬද එදින රාත්‍රිය තමා හට ඇසුණු ඒ හඬට බෙහෙවින්ම සමානය.

නමුත් මෙම හඬ  කොහි සිට පැමිණෙන්නේ ද යන්න තවමත් ඔහුට අබිරහසකි.

-------------------------------------------

පාසලේ  පිටවීමේ ගේට්ටුව වෙත පැමිණි ටේ  හට එහි එක් වරම දක්නට ලැබුණේ තමා එනතුරු එතැනට වී බලා සිටින jin හියොන්ග් ඇතුළු තම මිතුරු  කැලය.

Jin :- "  ආ......ටේහෝන්ග් , මොකද පරක්කු වුනේ?. අපි හතර දෙනා ගොඩක් වෙලා ඉදන්  ඔයා එනකම් මෙතනට වෙලා බලං හිටියා ."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now