SHOW ME THE MEANING 🗝️

531 118 30
                                    

හිමින් සීරුවේ පෙට්ටියේ තිබූ කුඩා කොළ කෑල්ල අතට ගත්  Taehyung  එය සෙමින් විවර කෙරුවේය.පසුව ඔහු ඒ දෙස විමතියෙන් බැලුවේ තමාට අද දින ලැබූ උපන්දින තෑග්ගට වඩා පුදුම සහගත යමක් ඒ තුළ ගැබ්වී  තිබූ බැවිනි .

ඔහු කොලේ තිබූ දෙය මෙසේ හඬනගා උච්චාරණය කලේය .

" READY TO CHANGE YOUR DESTINY "

කොලය තුළ තිබූ මෙම වාක්‍ය ට වඩා ඔහුගේ සිතට සැකයක් පහළ කළේ  මෙහි ඇති වාක්‍යයය  කෙනෙකුගේ  අකුරින් ලියා තිබූ එකක් නොවීමයි.

එනම් මෙම වාක්‍යයේ අකුරු ගලපා ඇත්තේ කිසියම් පත්තරේකින් කපාගත් අක්ෂරවලින්  වලින් ය.

"සූදානම් වෙන්න ඔබේ දෛවය වෙනස් කරන්න "

"තාත්තා ..... ඇයි ? මෙහෙම දෙයක් එවල තියෙන්නෙ"

"ඇත්තටම මේක ,තාත්තා මට කරන මග පෙන්වීමක් ද ?, අවවාදයක් ද?, නැත්තං අණ කිරීමක් ද? "🤔🤔🤔

මෙලෙස TAEHYUNG  ගේ මනසට සිතුවිලි රැසක් ගලා ඒමට  වූයේ මෙම වාක්‍ය පිටුපස සැඟවී ඇති අර්ථය නිසි අයුරින් වටහා ගැනීමට අපහසු වූ බැවිනි.

" හරි මේක ඔය තුනෙන් මොකක් හරි දෙයක් කියලා හිතමුකෝ, ඒත් ඇයි තාත්තා මේක පත්තර වලින් කපලා අලවලා එවලා තියෙන්නේ "

" ඒකෙන් වැඩක් නෑ;  සමහරවිට මේ තෑග්ග එයා මට දුන්න එකක් කියලා මං දැන  ගන්නවට එයා අකමැති ඇති"
------------------------------------------------------
එදින රාත්‍රියේ නින්දට යාම පිළිබඳ වගේ වගක් නොමැති Taehyung  හට ඒ පිළිබඳ සිහිපත් කරන්නට වූයේ ඔහුගේ බඩේ සිටින පණුවන්ය.

උදෑසන පටන් කිසිදු ආහාරයක් නොලත් ඔහු එදින නින්දට ගියේ බඩගින්නේමය.

Taehyung ගේ උපන් දිනයට පසුදින සාමාන්‍ය පරිදි ගෙවී යයි .

අලුත් දිනක් එනම් 2014 .01.01  දින

Tae වෙනදාටත් වඩා උදෑසනින්ම අවදි වූයේ නව පාසල් වාරය සදහා සූදානම් වීමටය. අද දින ඔහු යාමට සූදානම් ද ඇත්තේ නව පාසලකට ය.

2013. 12.30 වන දින එනම් TAE  ගේ පසුගිය  උපන්දිනයේ පාසලේ පැවති නව සිසුන් ඇතුළත් කිරීමේ උත්සවයට ඔහුට සහභාගිවීමට නොලැබුණු බැවින් අද දින උදෑසනම පාසලට  යාමට Taehyung ඉටා ගත්තේය .

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now