MISSION LADDER ⏫⏬

326 76 7
                                    

"වාව්.... මේක පුස්තකාලයක් ද නැතිනම් මාලිගාවක්ද?, ඇත්තටම මේක අපේ මුළු ගෙදරටත් වඩා ගොඩක්  ලොකුයිනේ"

" මෙතන තියෙන්නෙ පොත් රාක්ක වල උස;  යෝධයන්ට  පොත් කියවන්න  ද දන්නෑ මේ රාක්ක  මෙච්චර උසට   හදලා තියෙන්නේ"

පාසල් පුස්තකාලය ප්‍රථම වරට දැකීමෙන් මවිත වූ ටේහෝන්ග්  තමා හටම  මෙසේ හඬනගා පවසන්නට වූයේ තමා අවට සිටින්නන් පිළිබඳව කිසිදු තැකීමක් නොකරය .

සැබවින්ම ඔහු හට  තමා හැර මෙතන වෙනත් අය ද   සිටින බව සිහියට නැගුණේ ද, තමාගේ හඬ නිසා පුස්තකාලයේ ඇති වූ දෝංකාරයට ප්‍රතිචාර දැක්වීමට අවට සිටින්නන් විසින් ඔහු වෙත එල්ල කළ රැවුම් බැනුම් හමුවේය .

"මොකද තරුණ ඉලන්දාරියා! මේ පුස්තකාලය ඇතුලේ  තනියම බෙරිහන් දෙන්නෙ; මට පේන්නෙ ඔය ළමයා පුස්තකාලයට එද්දී අතන තියෙන පුවරුව හරියට කියවලා නෙමෙයි එන්න ඇත්තේ"

පුස්තකාලයට ඇතුළුවීමේ දොරටුව අසල ඇති  පුවරුවකට තම ඇඟිල්ල දික් කරමින් පවසන්නට වූයේ පුස්තකාලෙ ඇතුළත සිටි මැදිවියේ කාන්තාවකි .

සුදු පැහැති බ්ලවුසයකින් සහ  කළු පැහැති කෙටි සායකින් සැරසී සිටි ඇය බැලූ බැල්මට පුස්තකාල කාර්ය මණ්ඩල සහායිකාවක් ලෙස පැවසිය  හැකිය.
මැදිවියේ  පසු වූ   තැනැත්තියක් වුවද ඇයගේ  හිසකෙස් තැනින් තැන අළු පැහැ ගැන්වී ඇති අයුරු ටේහෝන්ග්  හට  දැක ගත හැකි විය .

👩‍💼:- " මම මීට කලින් නම් ඔය ළමයා මේ පුස්තකාලයට එනවා දැකලා නෑ,🤨🤨 මං හිතන්නේ මෙහෙට  අලුත් කෙනෙක් වෙන්න ඇති "

"ඒකනෙ පුස්තකාලේ ඇතුලේ හැසිරෙන්න ඕන විදිහවත් දන්නේ නැත්තේ"

  කාර්යාල පාලිකාව මෙලෙස ටේහෝන්ග් හට  පවසන්නට වූයේ දැඩි තර්ජනාත්මක ස්වරයකිනි.

සැබවින්ම ටේහෝන්ග් Stanton  පුස්තකාලයට පමණක් නොව පුස්තකාල යන වචනයටද ආගන්තුකයෙක් වූවේය.

🧑 :- "  මට .....සමාවෙන්න, මිස්  පැටින්සන් ,මං මේ ආවෙ මට අවශ්‍ය කරන  පොත මේ පුස්තකාලෙ තියෙනවද බලන්න ."

මෙවර නම් මෙලෙස ටේ ඇයහට ආමන්ත්‍රණය කරන්නට වූයේ රහසක් මුමුණන හඬිනි.

ALPHA 🛸🛸🛸 ( Completed )Donde viven las historias. Descúbrelo ahora