THE NEW BOY 👦

441 100 22
                                    

Taehyung පාසලෙන් පිටතට පැමිණියේ තම පපුව අතගාන ගමන් ය .
ඒ තම ගෙලෙහි පැළදි  මාලය  තවමත් සුරක්ෂිතව ඇත්දැයි දැනගැනීම පිණිසය .

එම යතුර තමා හට ලැබී ඇත්තේ ඇයි දැයි තමා හරියටම නොදන්නා වුවත් නිසි වේලාව පැමිණෙන විට ඒ පිළිබඳ හරියාකාරව දැන ගන්නා තුරු එය ආරක්ෂා කර ගැනීම ,තම  පරම යුතුකම යැයි ඔහු සිතන්නට විය .

පාසලෙන් පිටතට පැමිණි Tae  හට එහි දැකගත  හැකිවූයේ දෙමව්පියන් තම පෞද්ගලික වාහනවලින් පැමිණ තම දරුවන් නිවස කරා රැගෙන යන අයුරුය.

Taehyung  හැර පාසලේ සෑම ළමයෙකුම පාහේ පාසලට පැමිණ සිටියේ තමන්ගේ ම වාහන වලිනි.

  මෙලෙස මවුපියන් පැමිණ තම දරුවන් ආදරයෙන් නිවස කරා රැගෙන යන අයුරු තම දෙනෙතින් දකින විට දී Taehyung  හට මද  සන්තාපයක් නොදැනුනා ද  නොවේ.

මන්ද ඔහුගේ පියා ද තමා ව මේ ආකාරයෙන් රැගෙන යාමට පැමිණියේ  නම්  කොතරම් අගනේ ද යන්න ඔහුට සිතුණු බැවිනි.

නමුත් Kim som dhong   මෙලෙස තම පෞද්ගලික වාහනයක   පැමිණ Taehyung  රැගෙන යාම මේ ආත්මයට නම් Taehyung  සිහිනයක්ම වනු ඇත .

මන්ද මීට වසර දහඅටකට   පෙර    som dhong  මුහුණ දුන් භයානක රිය අනතුර හේතුවෙන් ඔහු කාර් යන වචනය ඇසුණු විට  දී වුවද  තිගැස්සෙනු  ඇත.

ඒත් ඒ  ඒ අනතුර වූ දින පටන් ඔහු වාහනයක් පදවනවා තියා එහි   සුක්කානම ඇල්ලීම පවා ප්‍රතික්ෂේප කළේය.

" පුදුමයක් නෑ, මං උදේ එද්දි  අපේ ඉස්කොලේ  එක ළමයෙක් වත්  බස් එකේ පේන්න හිටපු නැති එක."
මොකද ....ඔක්කොමල වගේ තමන්ගේම වාහන වලින් නෙ  ඇවිත් තියෙන්නේ."😕😕

"මොනව කරන්නද මට කියලා වාහනේකුත් නැති එකේ  බස් නැවතුමට යනකම්ම පයින්ම යන්න වෙනව, කමක් නෑ පයින්  යන එක ශරීර සෞඛ්‍යයටත් හොඳයි නේ." යැයි යැයි සිතමින් ප්‍රමාද වීමට පෙර Taehyung  පයින්ම ප්‍රධාන බස්නැවතුම්පොල කරා ඇවිද යාමට සැරසුණේය.

වාහනවලින් පැමිණි සියල්ලෝම   වගේ taehyung පසුකරමින් ධාවනයේ  යෙදුණු බැවින් ,tae   මාර්ගයේ  හුදෙකලා වන්නට විය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now