🌟SINGLE STAR 🌟

276 64 37
                                    

Professor :- " ඇල්ෆා කියන නමට තවත්  අර්ථයක් තියෙනවා.
හැබැයි .....මේක මං කලින් කිව්ව හේතුව දෙක වගේ සැබෑ  ලෝකයට  සම්බන්ධ වෙන්නේ නෑ ."

" ටේහෝන්ග් !,  ඔයා අහල තියෙනවද, වෙයා වුල්ෆ්ස්ලා   සම්බන්ධ මිත්‍යා කතන්දර ගැන ?."

"අර්ධ මිනිස් ;අර්ධ  වෘක ප්‍රභේද ගැන ."

Tae :- " ආ ......ඔව්, ඒවා ගැනනම් මං ටිකක් දන්නවා."

" මොකද මම වෙයා වුල්ෆ්ස්ලා  එතකොට vampires ලා සම්බන්ධ  movies දෙක තුනක් විතර  බලලා තියෙනවා ."

" හරි හරි , මට මතකයි;
වෘක මිනිස්සුන්ට , එයාලටම කියලා වෙන්වුන විශේෂ පදවි තියනවා.
හරියට ඇල්ෆා , බීටා , ඔමෙගා   වගේ.

එතනිමුත් ඇල්ෆා  තමයි ඉහළම පදවිය.  එහෙම නැත්නම් රැලේ ශක්තිවන්තම පිරිමියා වෙන්නේ.

Alpha කුලයේ  නිතරම දකින්න ලැබෙන්නෙත් පිරිමි අය . 🐺🐺

ඒ වගේම beta,  මෙයාලගේ ගැහැනු  පිරිමි දෙපාර්ශවයම  ඉන්නවා.

ඇල්ෆලාට වඩා ටිකක් පහත්, ඒත් ඔමෙගාලාට වඩා  ටිකක් උසස් කුලයක් තමයි මේ බීටා  කියන්නේ.

එයලාගෙ  ප්‍රධාන රාජකාරිය තමයි ශක්තිමත් Alphaලා  වෙනුවෙන් යටහත් පහත්ව සේවය කරන එක.

එතකොට ඔමෙගා ,  වෘක රැලක පහත්ම කුලය,  ඒ වගේම  වෘකයින්  අතර අසරණම , දුක්ඛිතම පිරිස මෙයාලා කියලා කිව්වත් වැරදි නෑ .
එයාලාට හැමවෙලේම වෙන්නේ ඇල්ෆා  පුරුෂයන්ගේ ආශාවන්, අවශ්‍යතාවයන් වෙනුවෙන්  තමන්ගේ සතුට පරදුවට තබන්න වෙන එක .

වගේම රැලේ  ප්‍රජනන ක්‍රියාවලියේ  මූලික පුරුක වෙන්නෙත් මේ ගැහැණු ඔමෙගාවන්."

ටේහෝන්ග් , මෙලෙස එක හුස්මට වෘක මිනිසුන් පිළිබඳව තම විස්තරය සම්පූර්ණ කරන්නට වූයේ  මහත් උද්යෝගයකිනි.  සැබැවින්ම ඒ මොහොතේදී ඔහු හට හුස්ම ගැනීම පවා අමතක වී ගොස් තිබුණි .

ටේහෝන්ගෙ මෙම  විස්තර කිරීමට සාවධානව සවන් දී සිටි මහාචාර්යවරයා සතුටු සිනාවක් සමගින් තම දෑත් එක්කොට අත්පොළසන් නද දෙමින් ටේහෝන්ග්ව මෙලෙස ප්‍රශංසා කරන්නට වූවේය.

ALPHA 🛸🛸🛸 ( Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin