⚽THE TITANIC ROUND ⚽

258 63 17
                                    

Coach :- " හොදයි ළමයිනේ..... මෙතන ඉන්න ළමයි  හැමෝම වගේ මේ ක්‍රිඩාවට , ඒ වගේම මේ පාසලට  අලුත් අය හින්දා..... මං පොඩ්ඩක් ඔයාලාට ' stanton sporty week'   එක ගැන  පැහැදිලි කරන්නම් ."

"stanton sporty week'  එක කියලා කියන්නේ අප පාසලේ ළමයින්ට ක්‍රීඩාව අතින්  මුළු රටටම තම තමන්ගේ දක්ෂතාවයන්  එළිදක්වන්න හොඳ කරළියක් කියලා කිව්වොත් නිවැරදියි ."

"මොකද අපි මෙකෙදී ක්‍රීඩා තරග  පවත්වන්නෙ  අන්තර් පාසල් මට්ටමෙන් නෙමෙයි විවෘත මට්ටමෙනුයි."

"  සරලව කිව්වොත්...... අපිට තරග වදින්න වෙන්නේ අපේ රටේ..... වෙනත් ප්‍රාන්ත වල  පාසල් වලින් එන ශිෂ්‍යයන්  එක්කයි."

"අනිත් එක විශේෂම දේ තමයි මේ තරග බලන්න රට වටින්ම , ඒවගේම පිටරටවල් වලින්  පවා ක්‍රීඩා  විචාරකයෝ සහභාගි වෙන එක."

" ඒ වගේම පාසලේ නව සාමාජිකයන් වශයෙන් ඔයාලටත් දැන් අවස්ථාව හිමිවෙලා තියෙනවා  'stanton sporty week ' එක වෙනුවෙන් අපේ පාසල නියෝජනය  කරන්න.
හැබැයි  හොඳට මතක තියාගන්න අපේ පාසල කවදාකවත්ම  කිසිම තැනක, කිසිම පාසලකට  මෙතෙක් පරාජය වෙලා නැති බව.

ඉදිරියටත්..... මේ විදිහටම පාසලේ ජයග්‍රහණය පවත්වාගෙන යාම ඔයාලා සතු බව මම තරයේ කියා සිටිනවා.

අනිත් තෙක තමයි පාසලේ නවක  ශිෂ්‍යයින්  වශයෙන් stanton  උසස්  පාසලේ නම්බුව  රැදිල තියෙන්නෙත්  ඔයාලාගෙ අතේ.

ආ.....තව දෙයක් ,ඔයාලා තාම පාපන්දු ක්‍රීඩාවෙන් පාසල නියෝජනය කරන්න තරම් අත්දැකීම් රහිත අය නිසා ඔයාලව අපි stanton වොරියර්ස්  ටීම් එකේ normal matches වල play  කරන්න දාන්නෙ නෑ. හැබැයි ගොඩක් වෙලාවට ඔයාලගන් කෙනෙක්ට හෝ කිහිප දෙනෙක් ටයිටැනික් round එකේ ප්ලේ කරන්න හම්බ වෙයි."
යනුවෙන් පවසමින් පුහුණුකරු ඔහුගේ මෙතෙක් වෙලා පැවති දීර්ඝ දේශනය  හමාර කරමින් පාපන්දු ක්‍රීඩාව සඳහා වෙන්කර ඇති විවේකාගාරයෙන්  නික්ම යන්නට විය .

" මොකද්ද coach sir , කිව්වේ stanton sporty week   එක ගැනයි .......තව...... එතකොට මේ titanic round එක කියන්නේ මොකක්ද?."

යනුවෙන්  මෙලෙස එකවරම  පැරණි සිසුවකුගෙන් විමසන්නට වූයේ නවක සිසුවෙකු වූ nicoli ය.

ALPHA 🛸🛸🛸 ( Completed )Opowieści tętniące życiem. Odkryj je teraz