AN ANGEL 👼 👼👼

493 106 14
                                    

Taehyung තමා හිද සිටි ස්ථානයේම සිටිමින් කවුළුවෙන් පිටත බලන්නට විය.
එවිට ඔහුට දැක ගත වූයේ පාසලට මදක් ඈතින් පිහිටි කොළ පැහැති තණ  පිට්ටනියකි .🌱🌱🌱

එහි ලා දළුවලින් අලංකාරවූ විලෝ ගහක් ද  දක්නට ලැබිණි .තණ පිට්ටනියේ පැවති  මද  සුළඟ නිසා විලෝ ගහේ අතු සැලීම Tae  හට පෙනුණේ ,විලෝ ගස  තමාට ආචාර කරමින් අත වනන  අයුරිනි.🌳🌳

මේ වන විට පන්තියේ පැවැති දැඩි නිශ්ශබ්ද  බව නිසා ,තම කවුළුවෙන් පෙනෙන සුන්දර දසුන රස විදීමට Tae  හට කිසිදු බාධාවක් නොවීය.

 මේ වන විට පන්තියේ පැවැති දැඩි නිශ්ශබ්ද  බව නිසා ,තම කවුළුවෙන් පෙනෙන සුන්දර දසුන රස විදීමට Tae  හට කිසිදු බාධාවක් නොවීය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung ගේ  මේ දැඩි නිශ්ශබ්දතාවය  එකවරම බිඳීමට සමත් වූයේ තම පන්ති භාර ගුරුතුමිය වන මිස් හෙලේනා ගේ හඬිනි .

👩‍🏫: " ඔයාලා හැමෝම දන්නවනේ මේ අවුරුද්දේ අපේ පාසලට අළුතින් ළමයි ගොඩක් ආව බව, ඒ අතුරින් පස් දෙනෙක් ම ඉන්නේ  අපේ පන්තියේ කියලාත් "

"ඉතින් මං දැන් මේ මගේ අතේ තියන කොළ එක බැගින් ඒ පස් දෙනාට බෙදන්නයි යන්නේ"

👦: " මිස්  ඔය කොළවල මොනවද තියෙන්නෙ ?"
යනුවෙන් පන්තියේ සිටි එක් සිසුවෙක් එකවරම අසන්නට විය.

👩‍🏫: "  හොඳ ප්‍රශ්නයක් Kevin ,මේ කොළවල තියෙන්නෙ ඔයාලා මේ පාසලේදී හදාරන්න ඕන විෂයයන් පිළිබඳව"

"පැහැදිලිව කිව්වොත් ප්‍රධාන විෂයන් වන ගණිතය, විද්‍යාව, ප්‍රංශ, ඉංග්‍රීසි යන විෂයයන් වලට අමතරව හදාරන්න ඕන විෂයයන් පිළිබඳව"

" හැබැයි හොඳට මතක තියාගන්න මේ අමතර විෂයන් විසි එකෙන් ඔයාලට තෝරගන්න පුළුවන් එක විෂයයි. ඉතින් තෝරාගන්න subject එක හොඳට හිතලා බලලා තෝරගන්න"

" අනිත් තෙක අපේ පාසලේ විශේෂ නීතියක් තියෙනවා; ඒක තමයි ඉස්කෝලේ හැම ළමයෙක්ම මොකක් හරි ක්‍රීඩාවකට යොමුවෙන්න ඕන."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now