🌙ASTRO NIGHT ✨️

286 74 50
                                    

"  මෙයලා මට විහිළු  කරනවවත්ද ?,  නැත්නම් මගේ පෙනීමේ දෝෂයක් ද ?."

"මෙයා .....මෙයා කොහොමද ඇස්ට්‍රො  ක්ලබ් එකේ New president  වෙන්නේ , අනිත් තෙක.... RM හියොන්ග්   කිව්ව ගතිගුණවලින් පොඩ්ඩක්වත් මෙයාට ඇති කියලා මං  නම් හිතන්නේ  නෑ." 🤨🤨

තමා දුටු දෙයින් මවිතයට පත්වූ ටේහෝන්ග්  මෙලෙස තම සිතුවිලි සමඟම වාද කරන්නට විය.

Tae :- " හියොන්ග් , ඔයාලා මට විහිළු කරනවා නේද?. මෙ...මෙයා අලුත් president; ඒක නම් කොහොමවත්ම  වෙන්න බැරි දෙයක් ." 😂😂

Rm :- " නෑ නෑ Alpha ,  එයා තමයි අපි කියපු කෙනා , අවුරුදු ගණනාවක් පුරාවට පාසලේ හොඳම ශිෂ්‍යයා වෙච්ච kim seokjin තමයි මේ."

-------------------------------------------

Taehyng' s pov :

" මොනවා  කිම් සොක්ජින්."

මුලදී  මං එයාව දැක්ක ගමන්ම මට හිතුනේ මෙයා ජින් හියොන්ග් වෙන්න ඇති කියලා.

ඒත් පස්සේ මං හිතුවා ඒක මගේ හිතේ ඇතිවුණු සැකයක් විතරයි .
මේ එයා වගේ වෙන කෙනෙක් වෙන්න ඇති කියලා .

ඒත් ඉතිං Rm hyung  දැන් මේ  කියපු දෙයින් මගේ සැකය තවත් තහවුරු වුණා.

මේ තමයි ඒ ජින් ,  එහෙම නැත්නම් ; මං මේ ඉස්කෝලෙට ආපු මුල්ම දවසෙ කබල්  බයිසිකලයක් එක්ක පිස්සු නටපු කිම් seokjin , එයාම  තමයි මේ දැන් මගේ ඉස්සරහ භූතයෙක් වගේ  හිටගෙන ඉන්නේ.

ඒත් එදා........ මට මුණගැහුණු කෙනායි,  අද මේ ඉන්න කෙනයි සම්පූර්ණයෙන්ම විධි දෙකක් .

  එකම  කාසියේ පැති දෙකක් තියෙනවා වගේ කිම් සෝක්-ජින් කියන්නෙත්, වෙලාවකට පිස්සු කතා කිය කිය රතු වෙනකම් හිනාවෙන ඒ වගේම තවත් වෙලාවකට බොහොම බැරෑරුම් විදිහට ඉන්න කෙනෙක් .

කොටින්ම කිව්වොත් කෙනෙකුට ලේසියෙන්ම තේරුම් ගන්න අපහසු වූ හරිම  සංකීර්ණ චරිතයක් .

සමහර විට අනිත් අයට මුලින් ම මුණ ගැහිලා ඇත්තේ සංකීර්ණ සොක්ජිනව .  ඒත් මට මුලින්ම මුණ ගැහුනේ අනිත් කෙනාව .
ඇත්තටම  මේ දෙන්නගෙන් ජින්ගෙ නියම ස්වරූපය මොකක් වෙන්න පුළුවන්ද.?

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now