🤖 ROBOTICS 🤖

198 44 49
                                    

" ඒ .......අරමුණ තමයි .....ඔයා...."

යන වදන් පෙළ  ටේහෝන්ග්ගෙ සවන් පුරා දීර්ඝ වේලාවක් දෝංකාර දෙන්නට වූවේය .

Tae :- "තමුන් මේ මොනවද දොඩවන්නේ......"

" කොහොමද ? ; කොහොමද?..... තමුන්  ඔය කියන අරමුණ මම වෙන්නේ..."

"අනිත් තෙක අපි මුලින්ම හම්බ වුනෙත් එදා අර ඉස්කෝලේ තාරකා විද්‍යා කාමරේදීනේ."

එය ඇසූ මහාචාර්යවරයා  මහ හයියෙන් සිනාසෙමින් ටේහෝන්ග්  අසලින් මදක් ඈත් වන්නට වූයේය. 😂😂

Professor :- " ඒ ඉතින් .....ඔයා දන්න විදිහටනේ ටේහෝන්ග් ."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මහාචාර්යවරයාගේ වදන් තුළ ටික වේලාවක් අතරමංවී සිටි ටේ  පසුව  මෙලෙස ඔහුට විරුද්ධව තම හඬ අවදි කරන්නට වූවේය .

Tae :- "  තමුන්ට මේක සෙල්ලමක් ද ?,  තමුන් දන්නවද  ? තමුන්ගෙ මේ වැඩ නිසා  ළමයි කීදෙනෙක්ගේ නම් හීන කඩා වැටෙනවාද කියලා ."

" අනික මොකක්ද මේ අරමුණක් ගැන දොඩවන විකාර කතාව.   දන්නවද? ; දැනටමත්  මං නොදැන කරපු වැරදි නිසා මට යන්න අපායක් නැතුවයි තියෙන්නේ ........

ඒ තියෙද්දි ;  තමුන්ගෙ මේ  පිස්සු විකාර වලට උදවු කළොත් මට අන්තිමට මැරුණට පස්සේ යන්න තැනක් නැත්තටම නැති වේවි."

" ඒ හින්දා ; තමුන්ගේ මේ විකාර වැඩවලට තමුන්ට මගේ උදව් ලැබේවි කියලා තමුන්  බලාපොරොත්තුවකින් ඉන්නවනම් .........දැනගන්නවා තමුන්ට එකට මගේ උදව් නම් කවදාවත්ම ලැබෙන්නේ  නෑ.....

මොකද මං තමුන් වගේ අනිත් අයගේ හීන එක්ක සෙල්ලම් කරන නරුමයෙක් නෙමෙයි ."

ටේහෝන්ගෙ මුවෙන් මෙවදන්  පිටවෙද්දී ඔහුගේ නෙත් තුළ වෛරයේ ගිනිසිලු හොඳින් දක්නට ලැබිය. 🔥 🔥🔥

Professor :- " ඒ කියන්නේ...... mister ටේහෝන්ග් කිම් ,  මට මේකට ඔයාගේ උදව් ලැබෙන්නේ නෑ . එහෙම නේද?."

Tae :- " දැන් මං  තමුන්ට තේරෙන භාෂාවෙන් කිව්වනේ තවත් මොනවද?"

Professor :- " හ්හ....හ...හා.... ඇල්ෆා !........ඇල්ෆා! ......
ඇල්ෆා!.... මොනවද මේ නිතරම අනුන්ගේ  හීන හැබෑ කරන්න ඕනේ කිය කිය කියවන බහුබූත ."

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now