🤔 CURIOSITY 📦 📦

290 72 20
                                    

Hoseok:- " ඔයා දන්නවනෙ ටේහෝන්ග් ,අපි  ජීවත්වෙන රට  කොයි වගේ රටක්ද කියල , මෙහ මිනිස්සු සමේ  වර්ණයෙන් පවා බෙදිලා ඉන්නේ .

ඉතින් ඒ වගේ රටක ෆ්ලොයිඩ්  වගේ කළු හමක්  තියෙන කෙනෙකුට අත් වෙන  ඉරණම මං ඔයාට අමුතුවෙන් තේරුම් කරලා  දෙන්න ඕනේ නෑනේ.

සුදු මිනිස්සුන්ට වහල්කම් කරන එක එක නීග්‍රෝ  ජාතිකයන්ට උරුමයෙන්ම ලැබෙන දායාදයක්, ෆ්ලොයිඩ්ටයි,එයාගෙ  පවුලේ අයටයි කියලා ඒකේ වෙනසක් වුණේ  නෑ .

මං මේ දේවල් කියන එකට.... ඔයාගෙ   අමනාපයක් නෑ නෙ ටේ ..., මොකද... ඔයාගේ අම්මත් සුදු ජාතික කාන්තාවක් නිසා ........

යනුවෙන් පවසා hoseok මදකට තම කතාව අතරමග නතර කර  ටේගෙ මුහුණේ ඉරියව් පරික්ෂා කර බලන්නට විය.

ටේගේ මුහුණේ ඉරියව් වලින්ද පිළිබිඹු වූයේ හෝසොක්ගෙ  අදහස් වලට සමාන අදහසක් වූ බැවින් hoseok තම කතාව දිගටම කරගෙන යාමට සැරසුණේ ය.

" ෆ්ලොයිඩ්ගෙ පවුල අපේ පවුලට වැඩ කරන්න කලින්; එයාලගෙ පවුලෙ මුළු අයිතිය හිමි වෙලා තිබ්බේ සුදු  ජාතික ශුද්ධ ඇමෙරිකානු පවුලකට .

Tae :- " ඒක නම් ඇත්තටම විහිලුවක් ; ඇමරිකානුවෝ කවද්ද ශුද්ධ ජාතියක් උනේ"

මෙලෙස එකවරම  කතාවට බාධා කරමින් ටේහෝන්ග්  පවසන්නට වූයේ ආවේගය අතරින් හටගත් අවඥා සහගත සිනාවක් ද සමඟිනි.

Hoseok :- " ඔව් ඒක ඇත්ත, ඒත් එයාලගේ ඇස් වලට නම්  ඇමරිකානුවෝ කියන්නේ මිශ්‍ර නොවුණු ලේ ඇති ශුද්ධ ලේ ඇති  ජාතියක් .

ඉතින් එයාලා මෙහෙම හිතන්න හිතන්න එයාලගේ සිත් වල , ඇමරිකාවට පිටතින් ගෙනාපු කළු හම ඇති අය කෙරෙහි ඇති වෛරය තව තවත් වැඩි වෙන්න ගන්නවා.

ඉතින් එයාලා නිග්‍රෝ ජාතිකයන්ට සලකන්නෙ හරියට සත්තුන්ට සලකනවාටත් වඩා අන්ත අමානුෂික විදිහට.

ෆ්ලොයිඩ්ගෙ  පවුලට එහෙම අනන්ත දුක් කන්දරා වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා .
ඒවා මට මෙතන ඔයාට කට ඇරලා කියන්න බැරි තරමට දරුණුයි,  ටේ.

එසේ පැවසූ හෝසොක් දැඩි සුසුමක් හෙලමින් නැවතත් තම  කතාව ආරම්භ කරන්නට විය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now