🤗 I' M FINE 🤗

213 50 61
                                    

විවිධ වර්ගයේ මල් පොකුරුද  අතැතිව  jin හියොන්ග්  ඇතුළු මිතුරන් කැළ  ,  පාසලේ අසනීප කාමරයට වී බලා සිටින්නට වූයේ ටේහෝන්ග්   හට යළි සිහිය පැමිණෙන තුරුය .

දින කිහිපයක් පුරාවට සිහිමූර්ඡාව සේලයින් බටයක  ආධාරයෙන් සිටි ටේහෝන්ග්  හට මේ වන විටත් සිහිය පැමිණ නොතිබුණේය.

ටේහෝන්ග්  සිහිමූර්ඡා වී සිටි සෑම දිනකම පාහේ මෙලෙස මල්  රැගෙන ආ ඔහුගේ මිතුරන් ඒ සෑම දිනකම නොකඩවා..... ඔහුට සිහිය යළි පැමිණෙ තුරුම අසනීප කාමරය මල්වලින් හැඩ කිරීමට ඉටා ගත්තේය .

Crysanthimums ,  රෝස, කානේෂන් හා ලිලී මල්  වැනි මල් වර්ග රෝගීන් සඳහා  යෝග්‍යතම මල් වූ බැවින් ඔවුන් ; මේ එක් එක් වර්ගයේ  මල් විවිධ වර්ණවලින් යුතු ව ගෙන එන්නට වූයේ ටේහෝන්ග්  හට ඉක්මන් සුවය පතා ය .

වෛද්‍යවරුන් පැවසූ අන්දමට වීදුරු කැබලි විසිරී යාම නිසා ටේහෝන්ගෙ  ශරීරය පිටතින් යම් යම් තුවාල සිදු වී ඇති නමුත් අභ්‍යන්තරයෙන් නම් ඔහු හට කිසිදු හානියක් වී නොමැතිය .

නමුත් ඔහු එකවරම අනතුර සිදුවූ අවස්ථාවේදී මුහුණ පා ඇති මානසික පීඩනය හේතුවෙන් ඔහු තවමත් පසුවන්නේ සිහිමූර්ඡාව, යහන් ගතවය.

මෙලෙස දීර්ඝ වෙලාවක් සුව නින්දෙහි පසුවූ ටේහෝන්ග් ,   එකවරම තම දෙනෙත් විවර කර බලන්නට වූයේ ඔහු වටා සිටින මිතුරන් ගේ මුවගට   සතුටු සිනහවක් නංවාලමිනි.

ටේහෝන්ග් හට  සිහිය පැමිණි  දුටු එක් හෙදියක්  කාමරයෙන්  පිටතට යන්නට වූයේ රෝගියා හට යළි සිහිය පැමිණ ඇති බව තම වෛද්‍යවරයා හට දැනුම් දීමටය.

තමා වට කරගෙන සිටි තම මිතුරන් වෙත එකවරම නුපුරුදු බැල්මක් හෙලූ ටේ ....
ඔවුන් දෙස මද වේලාවක් බලා සිටින්නට වූයේ ඔවුන් කවුරුන්දැයි ඔවුන්ගෙන් විමසන  පරිද්දෙනි.

ටේගෙ මෙම අමුතු බැල්ම වටහා ගත් ඔහුගේ මිතුරන් එකවරම ඔහුගෙන්  මෙසේ විමසීය .

" ටේ.....හියොන්ග් ......!  ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?."

ඔවුන් විමසූ පැනයට හිස සිරස් අතට සැලීමෙන් පමණක් ප්‍රතිචාර දැක්වූ ටේ  නැවතත් ඔවුන් දෙස බලා සිටින්නට වූයේ..... පෙර දැක්වූ නුපුරුදු බැල්මෙන්මය.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now