🍂🍂I AM LOST🍂🍂

517 104 20
                                    

TAEHYUNG POV:-

මං වට පිට බැලුව මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව.

" බයවෙන්න එපා taehyung  මේක නරක හීනයක් ;ඔන්න බොරුනම් බලන්නකෝ......" කියලා මං මගේ අතම කොනිත්ත ගත්තේ   මේක හීනයක්ද, ඇත්තක් ද, කියලා මටම ඔප්පු කරලා පෙන්වන්න .

ඌයී..........

එතකොට තමයි මට තේරුනේ මං මේ අතරමං වෙලා ඉන්නේ හීනෙක නෙමෙයි ,සැබෑවටමයි  කියලා

හ......හ ...  ...

------------------------------------------------------

තම අත් දෙකින්ම ඔලුව බදාගෙන tae  බීම වාඩි වූයේ පිටුපස බිම නොවදින ලෙස කකුල් වලිනි.

" මිනිස් වාසයක් පෙනෙන තෙක් මානයක නෑනේ "

මෙලෙස ටික වෙලාවක් බිම වාඩිවී සිටි taehyung  හට එක්වරම දක්නට වූයේ තමා ඉදිරියේ ඇති පටු මාර්ගයකි.

"ආ........පාරක්, සමහර විට; මේ පාර දිගේ කෙලින්ම ඉස්සරහට ගියොත් මට කවුරු හරි හම්බ වෙන්න ඉඩ තියෙන්ව "

මෙසේ සිතා ඔහු තමා දුටු පටු මාර්ගයේ දිගේ ඉදිරියට ඇදෙන්නට විය .

එවිට ඔහුට දක්නට ලැබුණේ මාර්ගය දෙපස විශාල ලෙස අතු විහිදී වැටී ඇති ඕක්  ගස් පෙළකි.

මාර්ගය ගමන් කරන අයකුට නිවැරැදි දිශාව පෙන්වීමට මෙන් එහි අතු ඉදිරියට විහිදී ඇති ආකාරය taehyung   හට දැක ගත හැකි විය.

තවද ගස් දෙස නෙත් යොමා බලා සිටින tae  හට දර්ශනය වූයේ එම ගස්වල අතු මත යම් ගෙඩි වර්ගයක් පහළට එල්ලී ඇති අයුරුය.

  මාර්ගයේ  ඉදිරියට ගමන් කිරීම මදකට නතර කළ  Tae  ගසේ අතු වලින් පහළට නෙරා ඇති එම ගෙඩි දෙස විමසිල්ලෙන් බලන විට ඔහුට දැකගැනීමට හැකි වූ දෙයින් ඔහු මවිතයට පත්විය.😮😮

" මොනවා, වවු........ලෝ"

  රාත්‍රිය පුරා සංචාරය කර වෙහෙස නිවා ගැනීම සඳහා වවුලන් මේ විශාල  වෘක්ෂයන් තම වාසස්ථාන බවට පත්කරගෙන ඇත.🌳🌳🌳

බිම සිට ගස් දෙස එකවර කෙනෙකු බැලුවහොත්   මෙය පෙනෙනුයේ  ඕක් ගස් වල හටගන්නා විශාල ගෙඩි සමූහයක් තැනින් තැන විහිදී ඇති අයුරිනි.

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now