💜️The ANNOYING BROTHER 💜️

585 124 64
                                    

Taehyung 's pro:-

මං එක පාරටම පිටි පස්ස බැලුවේ මගේ පිටිපස්සෙන් ආපු අඩි සද්දෙ  කාගෙද කියලා දැන ගන්න.
එත් හරි පුදුමයි !කවුරුත් පිටිපස්සේ පේන්න හිටියේ නෑ .
ඒත් ළඟ තිබ්බ පඳුර එකපාරටම සරබර ගාන්න  ගත්තේ මගේ කුතුහලය තවත් අවුස්සමින් ,
මං  හිමින් සීරුවේ  පඳුර ළඟටම ගියේ එතන කවුද හැංගිලා ඉන්නේ බලන්න .

එතකොට ම මම දැක්කෙ දිලිසෙන තරු කැට වගේම පුංචි ඇස් දෙකක් තියෙන 'ෆොම රේරියන්' වර්ගයට අයත් පුංචි බලු පැටියෙක්.🐩🐩🐩

" කොහොමද පුංචි බලු පැටියෝ" කියලා මම එයාගේ ලඟට යන්න හදනකොටම මෙච්චර වෙලා නිශ්ශබ්දයෙන් හිටපු බලු  කුක්කා බුරන්න ගත්තේ හරියට මගේ පිටිපස්සෙන් තව කවුරුහරි ඉන්නව වගේ .

ර් .......ර්....ව්ව්.....ව්.....🐩🐩

පුංචි බලු පැටියාගේ  බිරීම වැඩි වුණ නිසා මං  පිටුපස බැලූවේ මගේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා හරියටම දැනගන්න .

ඒත් ....කවුරුත් හිටියේ නෑ....

මං අයෙත් ඉස්සර හැරුණේ  පුංචි බලු පැටියා දිහාවට, ඒත් පුදුම කියන්නේ ,දැන් ටිකකට කලින් මගේ ඉස්සරහ කළුපාට පුළුන් බෝලයක් වගේ හිටපු බලු කුක්කා අතුරුදහන්.😯😯

මේ වෙච්ච දේවල් නිසා මං පස්ස නොබලම ගෙදර දිවුවෙ එක අතකින් බයත් අනිත් අතින් කුතුහලයත් මිටි කරගෙන .🏃🏃🏃

------------------------------------------------------

"ආ.... ' winter bear ' අද මොකද ගෙදර එන්න පරක්කු වුනේ?"
යැයි  මැගී Tae ගෙන් විමසුවේ රාත්‍රී ආහාර පිසින ගමන්ය.

"අද පාසලට ඇතුළත් කර ගැනීමේ උත්සවය ගොඩක් වෙලා තිබ්බ නැනී"

"නැනී මට අද dinner  ලෑස්ති කරන්න එපා ...."

"හ..... ,හරිම මහන්සි;ඉක්මනට නිදා ගන්න ඕනේ "
යැයි බොරු  මහන්සියක් පෙන්වමින් Tae  ඉක්මනින් උඩු මහලේ නිදන  කාමරය වෙත ගියේ වැඩි වෙලා සංවාදයෙහි යෙදුනහොත්  නැගී ගේ හරස් ප්‍රශ්න නිසා තමාගේ බොරුව හෙළි වේ  යැයි බියෙනි ..

Taehyung 's pro:-

"අම්මෝ ....!ලොකු දෙයක් නැනීගේ  ප්‍රශ්නෙන්  නම් බේරුණා, ඊළඟට ගෙදර අයිතිකාරයාට උත්තර බඳින්න වෙයිද දන්නේ  නෑ "

ALPHA 🛸🛸🛸 ( Completed )Where stories live. Discover now