38th Number

179 30 19
                                        

හෙලෝ කොහෙද ඉන්නේ???


ජංකුක් කෝල් කරලා යුංගි ගෙන් අහද්දි


අපි මේ එන ගමන්.විනාඩි 5ක් දීපන් අපි එතන

උඹ දැන් කීයේ ඉදන්ද කියන්නේ විනාඩි පහයි විනාඩි පහයි කියලා

ජිමින් ලෑස්ති වෙන්න පරක්කු උනා බන්.ඌට බැනපන්.කට්ටියම ඇවිත්ද?

ඔව් ඔව් අපි ඇවිත් ඉන්නේ.හියුන් ජිමින්ට දෙන්නකෝ


ඒ ටේහියුන්.


මොකක්ද යකෝ මනමාලියෙක් බලන්න යන්නද ඔච්චර ලෑස්ති වෙන්නේ.ඉක්මනට වරෙන්.

මං නෙවේ බන් මේ යුංගි හියුන් තමා පරක්කු උනේ.බඩරිදෙනවා කියලා බාත්රූම් ගිහින් පැයක් විතර එළියට ආවේ නෑ.බැරිම තැන මං දොරට ගහලා ගහලා කතා කරද්දි මේ මිනිහට ඇතුලේ නින්ද ගිහින්.

හරි ඉතිං ඒ යුංගිනේ.ඒක පුදුමයක් නෙවේ.


ඒ ජංකුක්.


ඉතිං හියුන්ට ඇතුලේ නින්ද ගියාට උඹ ලෑස්ති වෙන්න එපැයි මෝඩ ප%යෝ.

අනේ බොල මෝඩයෝ තෝ කියන්නේ මට වොෂ් දාන්නේ නැතිව රෙඩි වෙන්න කියලද?උඹ විතරක් සුවඳ ගහ ගහ ආවම හරිද?

හරි හරි වරෙන් ඉක්මනට


කට්ටියම හෙවන් පබ් එකට එකතු උනේ සෑහෙන කාලෙකට පස්සේ.මොකද පහුගිය දවස් ටිකේම ජංකුක් හිටියේ අස්සයා මැරිච්චි කව් බෝයි වගේනේ.අද තකමා ඒ මූනේ හිනාවක් තියන්නේ.ටේහියුන් කියලත් වෙනසක් නෑ ඉතිං.


ඉතිං ඉතිං අළුත් කපල් එක කොහොමද?


ජින් එහෙම අහද්දි


මට නම් ටේගේ බෙල්ල බලපුවම පේන්නේ කුක් හියුන් ලෙසටම සලකලා වගේ


ජිමින් පැනපු ගමන් උත්තර දුන්නා.ඒත් එක්කම ටේහියුන් තව ටිකක් හයි නෙක් කොලර් එක උඩට ඇඳ ගත්තා.

Wrong NumberWhere stories live. Discover now