18th Number

172 32 8
                                        

Hello යුංගියා......

ඔව් මචං කියපන්.....මොකෝ මේ උදේම

නිකන් බන් උඹව මතක් උනා.ඔෆිස් ආවෙත් නෑනේ මේ දවස් ටිකේ මං

අනේ කුක්කා මේ ඕක කියපන් වෙන කාටහරි....මට බෝලේ බස්සන්නේ නැතිව reason එක කියපන්...

මේකයි ආදරයක් ඇතිවෙලා කියලා දැනගන්නේ කොහොමද?

මොකක්???

යකෝ කාටහරි ආදරෙයි කියලා අපි දැනගන්නේ කොහොමද?

හ්ම්ම්ම්ම් හරි Great Jeon Jungkook ට ලෙඩේ හැදිලා වගේ

තේරෙන්න කියපන් බන්

උඹට සමනල්ලු පියාඹලා background එකේ Music ඇහෙනවද?

අනේ පූසෝ I'm Serious machan

හ්ම්ම්ම්ම ඕකට ඔහොම උත්තර දෙන්න බෑ...හවසට සෙට් වෙලා කතා කරමු

හරි මං එන්නම් මට මේ දේවල් තේරෙන්නේ නෑ බන්

යුංගිට කෝල් එකක් ගන්න ගමන් ලෙක්චර එකට අපු ජංකුක්ට ඇහුනා කවුරු හරි ටේටේ කියලා කෑ ගහනවා.එයා දැක්කේ නෑ ජිමින් කියලා.එයා ෆෝන් එකත් කනේ තියාගෙනම කැරකි කැරකි බැලුවා කවුද ටේටේ කියන්නේ එයාගේ ටේටේ ද මේ කියලා.ඒත් කවුරුත් පේන්න නෑ.College එක හැම තැනම ළමයි යන නිසා කොහන් කතා කලාද කියලා එයාට හිතා ගන්නත් බෑ.එහා බිල්ඩින් එකේ කොරිඩෝ එකේ ටේහියුන් යනවා එයා දැක්කා.ජංකුක්ට මතක් උනා එදත් ටේ බෙයාර් කියලා කතා කරපු වෙලාවේ ටේහියුන් ඒ ළඟත් හිටියා කියලා.ඒත් එයාට ගලපගන්න බැරි උනා ඒ සම්බන්දේ.ඒ සිතුවිල්ල දිගේ ජංකුක් වැඩිය හිතන්න ගියෙත් නෑ.මොකද නිකමටවත් එයාට හිතුනේ නෑ එයා ළඟ හැමවෙලේම ඉන්නේ එයා හරි ආදරෙන් මැසේජ් කරන එයාගේ ලස්සනම ලස්සන මල කියලා.එහෙම උනා නම් තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.

ටේහියුන් මොකද දැන් ඉන්ටර්වීව් එකට රෙඩිද මචං

හ්ම් ඔව් බන්

යන්න විතරයි තියෙන්නේ....

හරි උඹට යන්න තනි වගේ නම් මට කියපන් මාත් එන්නම්

අවුලක් නෑ බන් හියුන් ඉන්නවනේ.අනික අපේ හොටේල් එකකනේ තියන්නේ...ඒක JK Company එකක්නේ බන්.මං වැඩි බලාපොරොත්තු තියාගෙනත් නෑ.මට හියුන් දීපු චාන්ස් එකම වටිනවා බන්.කම්මැලි වගේ නම් උඹත් යමන් එදාට

Wrong NumberTempat cerita menjadi hidup. Temukan sekarang