11th Number
ටේහියුනුයි ජිමිනුයි කොලේජ් එකේ පෙවිලියන් එකට වෙලා ජංකුක්ට කරන්න ඕන දේ ගැන කතා කර කර ඉන්නවා.ටේහියුන් එදායින් පස්සේ ජංකුක්ට මැසේජ් කලේ නෑ.දැනට දවස් 4ක් විතර වෙලා.ඒ වගේම එයා personally ජංකුක් ළඟට ගිහින් සමාව ගත්තා.එයා එහෙම කලේ තව ප්ලෑන් එකක් හිතේ තියගෙන.ජංකුක්ට ගේමක් දෙන්න නම් එයාව ශේප් කර ගන්න ඕන කියලා දෙන්නම කතා වෙලා හිටියේ.
උඹ හිතන්නේ ඕක හරි යයි කියලද ටේ ටේ
ඔව් ඔව් බලපන්කෝ නැද්ද කියලා.පොරට හික් ගෑවෙයි.මේකේ ඉන්න කෙල්ලයි කොල්ලයි බල්ලයි හැමෝම ඌට වහ වැටිලනේ ඉන්නේ.ඉතිං පොර මේකෙන් බයිට් වෙනවා.
හ්ම් කරලා බලමු අනික් පැත්තට අපිට කැරකුනේ නැත්තම් හොඳයි....
හ්ම්ම් අපි පොසිටිව් වෙමු.
ඒ දෙන්නා කතා කර කර ඉන් තැනට යූනා ආවා.
ටේහියුන් මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?
මං එදත් කීවා යූනා මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ.යන දේවාලෙක යනවකෝ මගේ පස්සෙන් කැරකෙන්නේ නැතුව.ජිම් මං යනවා ක්ලාස් එකට
හිටහන් මාත් එනවා.
ජිමින් ප්ලීස් ටේහියන්ට කියන්න මාත් එක්ක ටිකක් කතා කරන්න කියලා
යූනා බොහොම අහිංසක විදියට කීවා.ජිමින් බෙල්ලත් ඇඳ කරන් යූනා දිහා බලන් හිටියා ඇත්තටම මේ යූනද කියලා.ඊට පස්සේ
ටේහියුන් කතා කරලා වරෙන් මං Exit එක ළඟ ඉන්නවා
කියලා ගියා.
ඉක්මනට කියන්න මට තව වැඩ තියෙනවා
ටේහියුන් මං ඇත්තටම කැමති ඔයාට.අනික මං දන්නවා අපේ ෆැමිලීස් වලින් අවුලක් වෙන්නෙත් නෑ කියලා.
ඔව් ඔව් මං දනුනවා ඔයා මගේ වටේ කැරකෙන්නේ ඇයි කියලා.ඒත් දවසක මට වඩා බිලියනර් කෙනෙක් ආවොත් එයා පස්සෙනුත් ඔහොම යයි
ඔහ් ටේහියුන් මං ගැන හිතාගෙන ඉන්නේ එහෙමද?මං ඔයාට ඇත්තටම කැමති.
හහ් යූනා ඔයා නොදන්නවා උනාට ඔයා ගැන මේ කොලේජ් එකම දන්නවා.අනික මං සල්ලි හොයලා ආදරේ කරන කෙනෙක් නෙවේ.ආහ් Anyway for your kind information I'm not interest in girls. Bye
