4th Number

199 42 7
                                        



දන්නෙම නැතුව ටේහියුන්ට කබඩ් එක ඇතුලේ නින්ද ගිහින්.අම්මෝ හතර හන්දි රිදෙනවා හරියට වෙඩින් එකකට ගිහින් නටලා පහුවෙනිදා තෙල් බේත් ගාන සීන් එක වගේ හිතන ගමන් ටේහ්යුන් කබඩ් එකෙන් එළියට ඔළුව දාලා බැලුවා නම්ජූන් කොහෙද කියලා.පේන්න හිටියේ නැති නිසා කොල්ලා හොරෙන් හොරෙන් එළියට ආවා.

ආ....ලොකු මහත්තයා මාත් මේ එළියට එනකන් තමා බලන් හිටියේ

නම්ජූන් හිටියේ කබඩ් එක එයා පැත්තට වෙලා ලොකු පොල්ලකුත් තියාගෙන.ටේහ්යුන් පැනලා දුවන්න හදද්දිම නම්ජූන් කනෙන් අල්ල ගත්තා.

කියනවා ආය රෑ වෙනකන් ඇහැරගෙන ගේම් ප්ලෙ කරනවද?

ආ ආ ආ රිදෙනවා රිදෙනවා නෑ නෑ ආය කරන්නේ නෑ...සත්තයි සත්තයි

හැබැයි ඔයා මගේ කන අතාරියේ නැත්නම් මං ජින් හියුන්ට කියනවා ඔයා තමා එයාගෙ අළුත්ම GUCCI බෑග් එකේ පටිය කැඩුවේ කියල.එතකොට ඔයාට වෙන්නේ එයාගේ රෝසපාට සෝසපෑන් එකෙන් ගුටිකන්න තමා ....

එහෙම කියද්දිම නම්ජූන් ටේහ්යුන්ව අතෑරියා.අතෑරියා නෙවේ අතෑරුනා.මොකද එහෙම උනොත් නම්ජූන්ට ඉවරයත් නැතිව ජින්ගේ අතවර වලට ලක් වෙන්න වෙනවා.ලොකුම අතවරේ තමා ජින්ගේ රැප් අහන එක.තරුණ වයසින්ම තමන්ගේ කත් දෙක බීරි කරගන්න නම්ජූන්ට උවමනාවක් තිබ්බේ නෑ.එතනින් දුවපු ටේහ්යුන් නතර උනේ බාත්රූම් එකේ.අද නම් වෙලාවට කොලේජ් එකට යන්නෝන.නැත්තම් අර ගල් බමුණාගෙන් අදත් බයිට් වෙන්න වෙන්නේ.

ජංකුක් කොලේජ් යන්න ලෑස්ති වෙද්දි යුංගි ආවා ෆයිල් වගේකුත් අරගෙන.

අනේ මන්දා කුක් උබේ වැඩ නම්.තියෙන වැඩ මදිවටද මේ කොලේජ් එකක් අස්සේ රිංගන්නේ.මට මේ ෆයිල් ටික approve කරලා දීපන්.මටත් වැඩ වැඩී උබේ මේ කෝලම් හින්දා.

නෑ යුංගියා ටික දවසකටනේ යන්නේ.මට මගේ Professor ඇහුවම බෑ කියන්න බෑනේ.ඔතනට permanent කවුරු හරි දැම්මම මං නතර වෙනවා.

හ්ම් කරන දෙයක් ඉක්මනට කරහන්....මට තනියම ඔෆිස් එකේ වැඩ ටික කරන්න අමාරුයි

නෑ නෑ බය වෙන්න එපා...මං ඉක්මනට කොලේජ් වැඩෙන් අයින් වෙනවා..මොකද මට තේරෙන විදිහට ඒක මනුස්ස වාසයකට සුදුසු තැනක් නෙවේ...

Wrong NumberDonde viven las historias. Descúbrelo ahora