12th Number

168 33 24
                                        

12th Number

අයියෝ.....අපරාදේ මං ඔයාට මැසේජ් කලේ....

ඇයි හියුන් එහෙම කියන්නේ?ඔයා දන්නවද මාට මේක කොච්චර වැදගත්ද කියලා....දෙවියනේ ඔයා පළවෙනි වතාවට මැසේජ් එකක් එව්වා.

Drama Queen...

මට සතුටු වෙන්න දෙන්නකෝ...අද ඉර පෑවුවේ අනික් පැත්තෙන්ද?එහෙම නැත්තම් අද ඉර පායලා නැද්ද?

නෑහ් ඉර පායලා නෑ..ලෝක විනාසේ වෙන්න යන්නෙ...දැන් සතුටුයිද?

හ්ම්ම්ම්ම් ඔව් ගොඩාඩාඩාක් ....ඔයා මැසේජ් කලානේ හියුන්...ඔහ් මේ ඒක නෙවේ

එහෙනම් මොකක්ද?

ඇත්තටම ඔයාගේ ඔළුව කොහේ හරි වැදුනද? මට ඇත්ත කියන්න.මං බෙහෙත් අරන් දෙන්නම්

ටේටේ මම ඔයාට මැසේජ් කල එක ගැන regret කරන්න එපා

පොඩිඑකා සතුටු වෙනවට ඔයා කැමති නැද්ද?

හරි හරි.....ඇයි මට මැසේජ් කලේ නැත්තේ?

හ්ම්ම්ම්....... ඔයා බලන් හිටියද මං මැසේජ් කරනකන් ආ හියුන්???

එහෙම රිප්ලයි කරද්දි ටේහියුන්ගේ මූනේ හීන් හිනාවක් වගේම ලාවට රතු උනු කම්මුල් දෙකක් තිබ්බා.

ඔව් මං බැලුවා මොකද සද්ද නැත්තෙ කියලා?

ඉතිං ඔයා කීවේ මං කරදරයක් කියලා ඒකයි

What???  කවද්ද මං එහෙම කීවේ

එදා මං ඇහුවම කරදරයක්ද කියලා ඉන්න screen shot එක එවන්න.

ඔහ් අයියෝ ටේ මං කීයලා තියෙන්නේ කරදරයක් කියලා නෙවේ එහෙම කිවොත් මැසේජ් කරන්නේ නැද්ද කියලනේ....

ඉතිං ඒක ‍නෙවේද කියලා තියන්නේ?

අනේ බබා.....ඒක විහිළුවට කියපු දෙයක්....

ටේහියුන් ආය පාරක් ෆෝන් එක දිහා බැලුවා.ආය හොඳට බැලුවා.ඇස් පිහදාලාත් බැලුවා.නෑ එයාට වැරදිලා නෑ.හියුන් එයාට බබා කියලා....එයා පපුව අල්ලන් ඇඳේ හාන්සි උනා.අත් කකුල් උඩ විසි කර කර කෑ ගැහුවා.මූණ අත් දෙකෙන් වහගෙන ඇදේ හැමතැනම පෙරලුනා.ඒත් එක පාරම

මට පිස්සුද? හියුන් කෙනෙක් බබා කීවට මෙච්චර දඟලන්න ඕනේද? එයා නිකන් කියන්න ඇති මං පොඩි නිසා...ඕ ටේහියුන් ඔච්චර දඟලන්න එපා. එයා එයාටම කියා ගත්තා.

Wrong NumberWhere stories live. Discover now