14th Number

155 38 6
                                        

ජිමින් පංතියට යද්දි යූනා කට කොනකින් හිනා වෙවි බලන් ඉන්නවා.

ආහ් කෝ මහ ලොකු යාළුවා කිම් ටේහියුන්??? ප්‍රොෆෙසර් ව කිස් කරන්න ගියාද?

උඹ හිතුවද බැ&5@ ටේහියුන් උඹ වගේ කියලා.මගෙන් කුණු හරුප අහගන්නේ නැතුව මෙතනින් පලයන්

ටේහියුන්ගේ ලොකු කම වැඩියි කෙහොමත්.අද ඒක බහී.බලන් ඉන්නවකෝ.ප්‍රොෆෙසර් ජියෝන් ලේසි නෑ කියලා දන්නවනේ.

උඹ පරිස්සමින් හිටපන්.මං කෙල්ලෙක් නිසා ඉවසන්නේ.නැත්තම් මෙලහකටත් දත් ඇන්ද බඩට යවලා.

යැයි යැයි යැයි තමයි අනේ පුළුවන් දෙයක් කියනවා...

එහෙම කියපු යූනා ජිමින්ට ගස්සගෙන එතනින් ගියා.

Cabin එක ඇතුළට ගිය ජංකුක් ටේහියුන් දිහා බලාගෙනම දොර වහලා ලොක් කලා.එයා ටේහියුන්ගේ මූණ බලාගෙනම ටික ටික ළඟට යද්දි ටේහියුන් ටිකෙන් ටික පිටිපස්සට ගියා.ගිහින් ජංකුක්ගේ ටේබල් එකේ හැප්පුනා. 


මේ යකා මොකක්ද මේ කරන්න හදන්නේ?? අකලට මස්ල්ස් හදාගත්ත වල් හාවෙක් වගේ.නොදකින්.මූ ළඟටම එනවා නේද?අනේ ඔම්මා මාව බේර ගන්න.ඒ මදිවට මේකා මාර හැන්ඩ්සම් කියලා පේන්නත් දැන්නේ.ආහ් දෙවියනේ මං මේ මොනවද හිතන්නේ?කුකී හියුන් දැනගත්තොත් එහෙම මං මෙහෙම හිතනවා කියලා.......දෙවියනේ බේරගන්න මාව.අනේහ්හ්හ් දොරත් ලොක් කරලා.

ජංකුක් වීරයා වගේ ටේහියුන් ළඟට ගියාට මොකද හාර්ට් එක එකසිය ගානට ගැහෙනවා.එයා ජීවිතේට කෙනෙක්ගේ ළඟට මෙච්චර ලං වුනු පලවෙනි පාර මේක.කවදාවත් නොදැනෙන හුරු පුරුදු ගතියක් එයාට ටේහියුන් ලඟ දැනෙන්නේ ඇයි කියලා හිතුනා.ඒ වගේම එයාට ටේහියුන් දකින හැම වෙලේම ටේටේ බබාව මතක් වෙන්නේ මේ දෙන්නම එක වගේ දඟ නිසාද කියලා හිතා ගන්නත් බැරි උනා.

දැන් ජංකුක් ගේ හුස්ම ටේහියුන්ගේ මූනේ වදිනවා.එයා තව තවත් ටේහියුන්ට ලං වුනා.එයාගේ තද කළු පාට ඇස් වලින් ටේහියුන්ගේ දුඹුරු පාට ඇස් වලට එඹිලා බැලුවා.ටේහියුන්ට පුළුවන් නම් මේසෙත් තල්ලු කරන් තව පස්සට යනවා.ඒත් කරුමෙට එහෙම කරන්න බෑ.ළඟමට ආපු ජංකුක් ටේහියුන්ව මැදි කරන් මේසේ දෙපැත්තේ අත් දෙක තිබ්බා.තියලා මූණට පාත් උනා.බයවෙච්චි ටේහියුන් ඇස් දෙක තද කරලා වහ ගත්තා.වහගෙන මූණ අනික් පැත්තට හරව ගත්තා.

Wrong NumberWhere stories live. Discover now