1st Number

1K 59 10
                                        

1st Number

රත්තරං පාට කෙස් තියෙන උස කෙට්ටු හාදයෙක් කොලේජ් එකේ කොරිඩෝවේ දුවගෙන ගියේ හරියට අන්තිම කෝච්චිය මඟ ඇරෙයි වගේ.ඒ යන අතරමඟ ඇඟේ හැප්පෙන අයට බනින්න අමතක කලෙත් නෑ.හැබැයි කොල්ලා දුවන එක නතර කලෙත් නෑ.යන අතරමඟ තමන්ටම උදේ පස්සට අව්ව වැටෙනකන් නිදා ගත්ත එකට බැන ගන්නත් අමතක කලෙත් නෑ.

යා යා යා.....ටේහ්‍යුන්ග් තමුන්ව කියනවා හැමදාම මහ රෑ වෙනකන් ඇහැරන් ඉන්න එපා කියලා...ඒත් කවදාවත් හැදෙන්නේ නෑ..ඒ මදිවට තාරා මූනක් තියෙන කොටා ඌට අමතක උනාද මට උදේම ඇහැරවන්න.අල්ලගන්නම්කේ අද මන් ඌව තව ටිකක් කොට කරනවා....ෂික් අද අළුත් ප්‍රොෆෙසර් කෙනෙකුත් එනවා කීවා.ඒ මදිවට මේ හැම එකාටම කොරිඩෝවේ මැද්දට වෙලාමද යන්න තියෙන්නේ???? අයින්වෙයන් යකුනේ මට හොඳටම පරක්කු වෙලා තියෙන්නේ මොන රෙද්දක්ද?ඔහොම හිත හිත දුවද්දි ටේහ්‍යුන්ග් දඩාර් සයිස් පොරකගේ ඇඟේ හැප්පුනේ මොකක්ද වුනේ කියලාවත් හිතා ගන්න බැරි වේගෙන් පිටි පස්සට ඇඳගෙන වැටෙද්දි.ඒ එක්කම ඇඟේ හැප්පුනු කෙනා ටේගේ හීනි ඉන වටේ අතක් දාලා අල්ල ගත්තේ වැටෙන්න නොදී.

ඇස් පොට්ටද මනුස්සයෝ නැත්තම් ඇස් දෙක කටේ තියාගෙනද යන්නේ තමුසේ කියලා අහගෙනම ඒ මූණ දිහා බැලුවා.බැලුවත් එක්කම තද කළුපාට ඇස් දෙකක් තමන් දිහා බලන් ඉන්න බවත් හරිම නීට් එකට දිග සිනිඳු කෙස් ටික පිටි පස්සට පීරලා කෙහෙරැළි 2,3ක් නළලට වැටිලා ගියෙන හැටිත් දැක්කා.ඒ වගේම වැටෙන්න ගියපු නිසා තාම එයාගේ ඇඟේ එල්ලිලා නේද ඉන්නේ කියලා තේරුනාම නම් කොල්ලට හීන් දාඩිය දාලා සඳ බොඳ වෙලා තරු විසි වෙලා පෙනුනා.අම්මෝ මොකෙක්ද මේ හල්ක් කෙනෙක් වගේ....ඒත් මට මොකක්ද පුරුදු ගතියක් මේ ඇස් දෙකේ දැනෙනවා....කවුද මේ ටේ කොල්ලා තමන්ගෙන්ම ඇහුවේ ඒ ඇස් දිහාට අනිමිස ලෝචනේ දාන ගමන්.

දවසම ඇඟේ එල්ලිලා ඉන්නද කල්පනාව???? ආසද එහෙම ඉන්න ආ......කොල්ලගේ කන ලඟින්ම ඇහුනු ඇඟ හීතල වෙලා පපුව කූල් වෙලා යන වොයිස් එකට කටේ කෙළ ටිකත් හිඳුනා.ආබ්...නෑ මේ i'm sorry........ කොල්ලා විදුලි වේගෙන් එතනින් දුවන හැටි බලාගෙන ජංකුක් කට කොනෙන් හිනා උනා. කියුට් ජංකුක්ට එහෙම කියවුනා.

මොකද බන් හති දාගෙන දාඩිය පෙරාගෙන???

මොකද? මොකද කියලා උබ අහන්නේ දැන්ද ජිමිනා .....උබට බැරි උනාද මට කෝල් එකක් දීලා ටිකක් කලින් ඇහැරවන්න?

ඇයි ඔටු ලබ්බෝ මං කී පාරක් උබට කෝල් කලාද ආ ආ ආ බලපිය පෝන් එක රෑ තිස්සේ ගේම් ගහලා ගහලා ඔය මඟුල සිලන්ට් කරලා නිදාගෙන තියන්නේ.ඉතිං කියපන් මං වැරදිද?ජිමින් කිවේ ටේට පයින් පාරකුත් දෙන ගමන්.

ඔය නාටකේ කොලේජ් එකේ කට්ටියට අළුත් දෙයක් නෙවේ.හැමදාම ස්කෝප් සිනෙමා එකේ 10.30 දර්ශනේ වගේ තමා ඕක.හරි දැන් කියපන්කෝ මොකද ඔය මූනයි,කන් දෙකයි අහවල් තැනුයි ඔක්කොම රතු කරගෙන මොකද උදේම කර ගත්තේ???

මම???නෑහ් මොකුත් උනේ නෑ.මේ ඉන්නේ මං හොඳට.ඇයි මට මොනවා වෙලා වගේද උබට පේන්නේ???

අනේ ටේ මේහ් මඟෙන් මොකුත් අහගන්නේ නැතුව හිටපන්...ඥෑහ් මොකුත් ඥෑහ් තමා...මං උබව දන්නේ අද ඊයේ ඉඳන් නෙවේ.උබව මං දන්නේ උබ කලිසමේ චූ කරගන්න කාලේ ඉදන්.මට බෝලේ බස්සන්නේ නැතුව කියපන් මොකක්ද උබ කර ගත්තේ...

නෑ ජිමිනා මං උදේ දුවගෙන එද්දි මං කාගෙද ඇඟේ හැප්පුනා...මෑන් මාර හැන්ඩ්සම්.

ඉතිං උබ අර ෆිල්ම් වල වගේ ඌව වැටෙන්න නොදී අල්ලගෙන කිස් කලාද? ජිමින් කින්ඩියට වගේ ඇහුවා.

උබ හු/@&ක් කියනවා.එහෙම එකක් උනේ නෑ.ජම්බු ගෙඩියක් වගේ රතු වෙද්දි ටේ කියන ගමන් ඒකේ අනික් පැත්ත උනේ කියලා මිමිණුවා....

මොකක් කිවුවා ...........

අඩෝ තාරාවා කෑ ගහන්න එපා බලපන් ක්ලාස් එකේ ඔක්කොම අපි දිහා බලනවා...එහෙම සීරියස් දෙයක් නෙවේ උනේ කියනකන් හිටපන්....නැත්තමි වැඩක් බලා ගනින්....

මොකද මේ සද්දේ ...? එක පාරම ගැඹුරු කට හඬක් පංතිය පුරාම පැතිරෙද්දි හැමෝම දොර දිහා බලන් හිටියේ ඇහි පිල්ලම ගහන්නේ නැතිව.මේ කවුද මේ කියනවා වගේ.

ඒ හඬ ටේහි්‍යුන්ට හුරුවට දැනුනත් ඉර එළිය ජනේලෙන් මූනට වැටුනු නිසා ආවේ කවුද කියලා හරියටම පෙනුනේ නෑ.

To be Continiued

+++++++++++++

Wrong NumberTempat cerita menjadi hidup. Temukan sekarang