3rd Number

209 41 4
                                        

3rd Number

ටේ ඇත්ත කියපන් මොකක්ද සිද්ද උනේ?ඔයා කොහොමද prof.Jeon ව දන්නේ?ඒ මනුස්සයා මොකක්ද කනට කරලා කීවේ?

ජිමිනා අතොරක් නැතිව ප්‍රශ්න අහනවා මගෙන්.ඒත් ඒ එකකට වත් හරියට උත්තරයක් දෙන්න තරම් මට සිහියක් තිබ්බේ නෑ.

ඒ ගල් බමුණා prof.Junglebook මාව බයිට් එකට අරන් කියලා මට තේරුනා.

මං දන්නෑ බං මං දන්නෑ.මං කීවේ උදේ මං දුවගෙන එද්දි මං ඇඟේ හැප්පුනේ ඔය බහුබූතයගේ.මාව වැටෙන්න යද්දි ඉන වටෙන් අත දාලා මාව අල්ල ගත්තා.එච්චර තමා උනේ.

එයා කියපු දේවලුත් ජිමිනට කියන්න ගියොත් මට වෙන්නේ වහ කන්න?මොකද ඕක මතක්වෙන ගානේ පොරගේ බයිට් ඇන්ඩ් ඩෙසර්ට් වෙන්න මට උවමනාවක් තිබ්බේ නෑ.

එච්චරම කියලා ශුවර් ද? මට නම් මෑන් වැඩිය දිරවන්නේ නෑ.අම්මෝ මතක් වෙත්දිත් ඇඟ සීතල වෙනවා.

ඔව් බන් ඔව් මං ඒ පොරව දැක්කෙත් අද.මට නම් හොම්බට දෙකක් අනින්නමයි හිතෙන්නේ.හ්ම්...

ඔව් ඔව් පොරත් එක්ක නම් කලින් ලෙකා එක්ක වගේ ලේසි වෙන්නේ නෑ.හැබැයි මෑන්ව දැනම සරෙන්ඩර් කරගන්න ඔනේ

හ්ම් ඒක තමා මාත් කල්පනා කලේ.අර අනිත් ලෙකාලට කලා වගේ සූපින් ඒවා හරියන්නේ නෑ

ඔව් ඔව් මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න ඕනේ.

මෙහෙමයි මාස්ටර් ප්ලෑන් කියන්නේ උන්දැට කොලේජ් එක ඇතුලේ නෝන්ඩි වෙන සීන් එකක් මොකක් හරි කරන්න ඕන,මොකද දැක්කේ නැද්ද අපේ ක්ලාස් එකේ කෙල්ලෝ ටික වහ වැටිලා වගේ මෑන් දිහා බලන් හිටපු විදිහ.අම්මපා මේ ගෑනුන්ට නම පොඩ්ඩක් ඇහැට කනට පේන පරානයක් දැක්කොත් ඇති හූල්ලන්න

ඔව් පොරයි අර යූනයි නිසා මං අද ක්ලාස් එකේ නෝන්ඩි උනේ.යූනාට මොකක්ද බන් මාත් එක්ක තියෙන අවුල?

ඕකි තාම අර කොරිඩෝ එකේ ඔයිල් දාලා වට්ටපු සීන් එකට මලෙන්ද කොහෙද ඉන්නේ.ඒත් මං හිතුවේ ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන ඇති කියලා.

ඒකි හරි උස එකී වගේනේ මට කොටා කොටා කියන්නේ

උඹත් ඒකි එක්ක එල්ලෙන්න යනවනේ ජිමිනා පොඩි එකා වගේ

Wrong NumberWhere stories live. Discover now