2nd number
ටේහියුනුයි ජිමිනුයි කොලේජ් එකේ අන්තිම අවුරුද්දේ කොමර්සස් ක්ලාස් එකේ ඉගෙන ගන්නේ.අන්තිම පිස්සු නටන කොල්ලෝ දෙන්නෙක් උනාට හොඳට ඉගෙන ගන්න නිසා ලෙක්චරස්ලට කියන්න දෙයක් තිබ්බෙත් නෑ.ඉදලා හිටලා ලේඩි ලෙක්චර කෙනෙක්ගේ බෑග් එකට රබර් නයෙක් දාලා එහෙම නැත්තම් පන තියෙන කක්කුට්ටෙක් ප්රිින්සිපල්ගේ පුටුවේ තියලා ආතල් ගන්නවා වගේ ළමා වැඩ කලේ නැත්තම් සෝක් කොල්ලෝ දෙන්නා.
කවුද මේ පංතියේ බෙරිහන් දෙන්නේ???මොකද මේ සද්දේ?ලෙක්චර පංතියට එනකන් තමන්ට අදාල වැඩක් කර ගන්න දන්නේ නැද්ද?
මෙහෙම අහගෙන පංතියට ඇතුල් වුනේ අළුතෙන් ආපු බිස්නස් මැනේජ්මන්ට් ලෙක්චර.
ඒ හඬ ටේහියුන්ට හුරුවට දැනුනත් ඉර එළිය ජනේලෙන් මූනට වැටුනු නිසා ආවේ කවුද කියලා හරියටම පෙනුනේ නෑ.
අම්මට උඩු කිව්වලු....මේ ගල් බමුණා මොකද මෙතන කරන්නේ???
ඌයි යකෝ රිදෙනවා???කොනිත්තන්නේ මොකද?
ජිමින් කෑ ගැහුවේ පංතිය දෙකක් වෙන්න.
කෑවා කෑවා අම්මපා මේකා මගේ සෝල්මේට් නෙවේ වෙන මොකක් හරි මේට් කෙනෙක් කිව්වා නම් මීට වඩා හොඳයි.නොදකින් ගස් හැලයා.ටේහියුන් තනියම මුමුණ මුමුණ සාප කරන්න පටන් ගත්තේ ජිමින්ට.
You two getup.....
දැඩි හඬකින් කියන ගමන් ජංකුක් පංතියට ආවා.
හරි ඉතිං පුතෝ දැන් කාපන්කෝ ටිංකිරි ජිමින් ටේ ට රවන ගමන් පුටුවෙන් අමාරුවෙන් නැගිට්ටා.
ඇයි අර එහා පැත්තේ ඉන්න කෙනාට නැගිටින්න බුලත් දෙන්න මං එන්න ඕනෙද? Aren't you hear me. Are you deaf? I said get up.
Yes sir. ටේහියුන් බිම බලන් නැගිට්ටා.
I'm Jeon Jungkook. Your new Business Management Professor. මං තාවකාලිකව තමා මෙහෙට ආවේ.But මං උගන්න කාල සීමාවේ වැඩ ටික හරියට කෙරෙන්න ඕන.මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්තිවෙන්න එපා.
පේනවා පේනවා සෙල්ලම් කරන්න බෑ කියලා.මොකද මෙයා එක්ක කිරි කිරි බෝලේ කරන්නද? හිතං ඇති අපි හරි ආසයි කියලා එයා එක්ක සෙල්ලම් කරන්න.වැඩ කරන්න ඕන යැයි යැයි යැයි තමයි මූන දැක්කම හැටි පේන්නේ නැද්ද අපායට හොඳයි ජියෝන් ජංගල්බුක්.
