9th Number
ටේ බෙයාර් ඔහොම ඉන්න....
ඈත ඉදන් ජිමින් කෑගැහුවා.ඒක ඇහුනු ගමන් ෆෝන් එක දහා බල බල ආපු ජංකුක් ශොක් උනා.එයාගේ හාර්ට් බීට් එක එකසිය ගානට වැඩි උනා.හරියට බුලට් ට්‍රේන් එකක් වගේ.පණ්ඩිතයා වගේ මට ඔයාට ආදරේට කියන නම් වැඩක් නෑ කියලා ටේහියුන්ට මැසේජ් කලාට එයත් නොදන්න මොක්දෝ අයිතිකාර හැඟීමක් ජංකුක්ගේ හිතේ ඇති වෙලා.එතන ආදරයක් නැතත් අයිතියක් දැනිලා තිබ්බා එයාට.ඒත් එක්කම ෆෝන් එකට ෆුල් ඇටෙන්ෂන් දීගෙන ජිමින් පස්සෙන් එනවා කියලා හිතපු ටේහියුනුත් හතර වටේ ජිමින්ව හොයනවා කෑ ගැහුවේ මොකද කියලා.ජංකුක් එහෙම වටේම බල බල ටේ බෙයාර් කියන්නේ කවුද කියලා හොය හොය එද්දි ජිමින් කොහේ ඉදන්ද කෑ ගැහුවේ කියලා කැරකි කැරකි ටේහියුන් හොයනවා.ඒත් එක්කම ඉස්සරහට ආපු ජංකුක්ගේ ඇඟේ ටේහියුන් හැප්පිලා එහෙම්ම බිම ඉන්ද උනා.අතේ තිබ්බ අයිස්ක්‍රීම් එක ජංකුක්ගේ ට්‍රවුසර් එක දිගේ පහලට වැක්කෙරුනා.ජංකුක්ට හිතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියලා.ටේහියුන් සිහි එලව ගන්න බැරුව කටත් ඇරන් බිම ඉදගෙන ජංකුක් දිහා බලාගෙන ඉන්න අත්රේ ජිමින් ඔළුවේ අත් දෙකත් තියාගෙන එහෙම්ම නතර උනා.
ශිට්.....
ජංකුක්ට කියවුනා.එතකොට තමා ටේහියුන්ට සිහිය ආවේ.
අනේ සො...සො...සොර්ර්රරි සර්....මං හිතලා හැප්පුනේ නෑ.මං ජිමින්ව හොය හොය ආවේ.
ඔහ් මගේ ට්‍රව්සර් එක.
ඉන්න සර් මං පිහදාන්නම්.
ටේහියුන් අමාරුවෙන් පස්සත් අත ගගා නැගිටලා ලේන්සුවත් අරන් ජංකුක් ඉස්සරහා නැමිලා දනගහ ගත්තා.දනගහගෙන අයිස්ක්‍රීම් පිහිදාන්නයි ලෑස්තිය.ජිමින්ට දෙයියෝ බුදුන් සිහි උනා මේ මොන මඟුලක්ද ටේහියුන් කරන්නේ කියලා.ජංකුක්ට පට්ට ඒසී එකක් තියෙන ෂොපින් මෝල් එක අස්සේ හීන් දාඩිය දැම්මා.ජිමින් ටේට කතා කරන්න කට හදද්දිම ටේ අයිස්ක්‍රීම් පිහදාන්න ගත්තා.ඒත් එක්කම ජංකුක් අඩි දෙකක් විතර පස්සට පැන්නා.
නෑ නෑ එපා එපා දෙන්න මං කරගන්නම්
එහෙම කියපු ජංකුක් ටේහියුන්ගෙන් ලේන්සුව ගත්තා.ජිමින් ඉක්මනට ඇවිත් ටේහියුන් ව නැගිට්ටව ගත්තා.
