විසිපස්වෙනි දිගහැරුම

1K 230 35
                                    

සාලෙ ඉදන් නිඛිල් කෙලින්ම ආවේ එයාගෙයි දෙව්හස්ගෙයි කාමරේට. එයා හිටියේ කියාගන්න බැරි හැඟීම් ගොඩක හිරවෙලා. එයාට එයාවවත් පාලනය කරගන්න බැරි ගතියක් දැනෙද්දි එයා එහෙම්ම බාතෲම් එකට ගියේ මූන ටිකක් හෝදා ගන්න. ටැප් එක ඇරලා සින්ක් එකට නැමුනත් එයාට එහෙම්ම වමනෙට වගේ ආවේ එයා සින්ක් එකට අත්දෙක තද කරගද්දි. ඒත් නොහිතපු විදිහට නිඛිල්ට ලේ වමනේ යන්න ගත්තේ එයාව අඩපණ කරගෙන.

ටික වෙලාවක් වමනේ කරපු නිඛිල් එහෙම්ම බිත්තියට පිට දීලා එතන බිම ඉදගත්තෙ කකුල් දෙකත් නමලා පපුවට තුරුල් කරගන්න ගමන්. එයාට දැනුනේ හරියට එයා තනිවෙලා වගේ. දෙව්හස් එයාට කෑ ගහපු හැටි එයාගෙ කම්මුලට ගහපු හැටි මැවිලා පේද්දි නිඛිල්ගේ ඇස්වලින් හෝ ගාලා කඳුලු ගැලුවේ එයා කකුල් දෙක අස්සෙ ඔලුව ගහගන්නකොට.

එයාට හිතාගන්න බැරි උනා ඇයි එයාට එච්චර තරහ ගියේ කියලා. එයා වැරදි කියල හිතුනත් එයාට ආපස්සට ආපහු හිතුනේ එයා වැරදි නෑ කියලා. මොකද එවෙලාවෙ එයාලා කතාකරපුවා එක්ක එයාට තරහ යන එක සාධාරණයි කියලයි එයාට හිතුනේ. අනිත් අතට එයාග මංගලා මැනිකෙ ගැන ලොකූ තරහක් ඇති උනා. එයාට හිතුනෙම මංගලා මැනිකෙ නිත්‍යයි ශාලිනීයි එක්ක එකතු වෙලා එයාගෙන් දෙව්හස්ව උදුරා ගනී කියලා.

මේ ඔකකොම බය, දුක, තරහ, ඔක්කොමත් හරි මේ තෙහෙට්ටුව එක්ක එයාට දැනුනේ එයා තනිවෙලා වගේ. දෙව්හස් උනත් ඒ වෙලාවේ හිටගත්තේ එයාට විරුද්ධ පැත්තෙන් කියල තේරුනාම කොල්ලට දෙව්හස් ගැනත් ඇති උනේ තරහක්. ඒ වගේම එයා ගැනම අසරණකමක්. ඒ ගැන හිත හිතම එයා එහෙම්ම ඇස් පියාගත්තේ එයාට එයාගෙ ජීවිතේ හරි මහන්සි කියලා පලවෙනි පාරට දැනෙද්දි.



ටික වෙලාවක් කට්ටියගේ කතා බහට අහුවෙලා හිටපු දෙව්හස් හම්බුන තප්පරේම එතනින් නැගිටලා ආවේ නිඛිල් හොයාගෙන. නිඛිල් හැසිරුන විදිහ ගැන දෙව්හස්ට තරහක් තිබුනත් එයා කොල්ලට අත උස්සපු එක ගැන එයාට දුකක් නොතිබුනා නෙවෙයි. ඒත් මොකක් හරි හේතුවට නිඛිල් අද හැසිරුන විදිහ එහෙම නැතුව නවත්තගන්නත් බෑ කියලා එයාට තේරුන නිසයි එයා එහෙම කලේ. මොකද මොන දේ උනත් ගෑනු දෙන්නෙක්ට තවත් අය ඉස්සරහ එහෙම කතා කරන එක ඇත්තටම හොඳ වැඩක් නෙවෙයි. ඒත් එයා ඒක අමතක කරලා නිඛිල්ව හොයාගෙන ආවේ නිඛිල් දැන් අනිවාර්යයෙන් ඉන්නෙ දුකෙන් කියලා එයා දන්න නිසා.

ආර්යආත්ම ( Aryathma ) Where stories live. Discover now