දොලොස්වෙනි දිගහැරුම

3.2K 511 67
                                    

එකොලහත් පහු වෙනකන් එකේක විකාර කියව කියව සිංදු කිය කිය හිටපු දෙන්නා ආපහු වලව්වට ආවෙ අද දවසට අදාල අභ්‍යන්තර ශක්ති පාලනය ගැන පුහුනුවීම් කරන්න. අභ්‍යන්තර ශක්ති පාලනයට හොද මානසික ශක්තියයක් වගේම කායික ශක්තියකුත් ඕනෙ. විශේශෙන්ම අලුතෙන්ම පුරුදු වෙන අයට. ඒ නිසා නිඛිල් වෙනුවෙන්ම දෙව්හස් හැමදාම හවසට කොත්මලේ නව නගරේට ගිහින් අරන් එන අලුත්ම පලතුරු බාස්කට් එකම නිඛිල් අතට දුන්නෙ එයා ඇදුම් මාරු කරන් එනකන් කන්න කියල.

අභ්‍යන්තර ශක්තිය එහෙම නැත්නම් විශ්ව ශක්තිය හරියට පාලනය කරගන්න පුළුවන් කෙනෙක්ට කෑම බීම නැතුව ජීවය ශරීරයේ පවත්වා ගන්න පුළුවන් උනත් පුහුනුවෙන අයට සෑහෙන ශක්තියක් ඒ පුහුනුවීම් වලට වැයවෙනවා. කම්පනයේ නීතිය අනුව
විශ්වයේ හැම දෙයක්ම චලනයයි කම්පනයයි අතර චක්‍රාකාර රටාවක් තියෙනවා. හැම දෙයකටම, සිතුවිල්ලකටම, ශබිදයකටම ඒකටම ආවේනික සංඛ්‍යාතයක් තියෙනවා. ඉතින් ශරීර අභ්‍යන්තරයේ වගේම වටේ පිටේ වස්තූන්වල කම්පන සංඛ්‍යාත එක්ක මුහු වෙලා ඒවා පාලනය කරන්න ලේසි නෑ. අවුරුදු ගානක් ඉගෙන ගත්ත දෙව්හස්ට උනත් අභ්‍යන්තර ශක්ති පාලනය ගැන තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා. හරියටම කියනවා නම් ශක්ති පාලනය කියන්නෙ මනුස්සයෙක්ට ජීවිත කාලෙම ඉගෙන ගත්තත් ඉගෙන ගෙන ඉවර් කරන්න බැරි පරාසයක තියෙන දෙයක්. ඉතින් ඒ නිසා මුලින්ම පුහුනු වෙන කෙනෙක්ට හොද ශරීර ශක්තියක් තියෙන එක සෑහෙන්න බලපානවා.

දෙව්හස් නිඛිල් අතට පලතුරු ටික දීලා ආවේ වොශ් එකක් දාගන්න. හැමදාමත් උනේ ඔක්කොටම වඩා කෑමට මුල්තැන දෙන නිඛිල් කනකන් දෙව්හස් මුලින් වොශ් දාන එක. අදත් ඒ විදිහට ගියත් එකපාරටම දෙව්හස්ගේ දකුනු අතේ මාපට ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි හරහට වේදනාවක් දැනුනේ කුස්සියේ හිටපු නිඛිල්ගේ කෑගැහිල්ලත් ඒත් එක්කම ඇහෙද්දි. එහෙම්ම ටවල් එකත් පටලවගෙන කුස්සියට ගියපු දෙව්හස් දැක්කෙ ලේ ගලන දකුනු අත වම් අතින් අල්ලන් ඇස් වල කඳුලු පුරවන් බලන් ඉන්න නිඛිල්ව. එතනම එහා පැත්තෙ තිබුන ලේ ගෑවුනු පිහියයි බිම ඉහිරිලා තියෙන පලතුරු ටිකයි දැක්ක් දෙව්හස්ට තේරුනා නිඛිල් පලතුරු කපන්න ගිහින් අත කපාගෙන කියල. නිඛිල්ගේ සද්දෙට දුවගෙන ආපු කුස්සියේ වැඩ කරන කෙනාට එතන අස් කරන්න කියල දෙව්හස් නිඛිල්වත් එක්කන් පහල තට්ටුවෙ හදිසි වෙලාවල්වලට පාවිච්චි කරන්න කියල අරන් තියෙන බෙහෙත් බඩු තියෙන කාමරේට.

ආර්‍යආත්ම ( Aaryathma )Where stories live. Discover now