විසිහයවෙනි දිගහැරුම

1.1K 207 62
                                    

දවස් හතරක් කියන්නෙ කෙනෙක්ගේ ජීවිතේකට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කාලයක් කියලා මේ දවස් ටිකට සූරියබණ්ඩාර වලව්වෙ උන්න හැමෝම තේරුම ගත්තා.

එදා රන්ඩුව උන දවසේ නිඛිල් කාමරෙන් එලියට එනඑකත් දෙව්හස්ව හම්බෙන එකත් ප්‍රතික්ෂේප කරපු නිසා දෙව්හස්ට නිඛිල්ව ආපහු මුන ගැහුනෙ පහුවදා උදේ. ඒ වෙලාවේ කලින් දවස ගැන හොඳින් තේරුම් කරල දීලා මංගලා මැනිකෙගෙන් සමාව ගන්න කියලා දෙව්හස් කීවේ එයාගෙ අම්මගේ හිතේ නිඛිල් ගැන තරහක් තියෙනවා නම් ඒක නැති වෙන්න. ඒත් ඒකෙන් උනේ මංගලා මැනිකේ කෙසේ වෙතත් නිඛිල් දෙව්හස් දෙන්නා ආයම ලොකු රණ්ඩුවකට පැටලුන එක.

ඒක බේරන්න මැද්දට පැනපු අභිශේක්ටත් නිඛිල්ගෙන් බැනුම් අහන්න වෙද්දි නිතින් සද්ද වහලා බලාගෙන හිටියේ ඒ දේවල් ඒ දෙන්නටම විසදගන්න දීලා. ඒත් එන්න එන්න දේවල් නරක අතට හැරුනේ මේ දවස් හතර වෙනකොට දෙව්හස් නිඛිල් දෙන්නා දැක්ක තැන ඇවිලෙන දෙන්නෙක් ගානට දාලා.

අනිත් අතට නිඛිල් හිටියේ කියාගන්න බැරි අමාරුවක. තරහ යන නිසා ඔලුව කැක්කුම එනවද ඔලුව කැක්කුම නිසා තරහ යනවද කියලා නොදන්නවා උනත් ඉවරයක් නැති ඔලුව කැක්කුමක් එයාට වද දුන්නෙ හිතාගන්න බැරි විදිහට. ඔක්කොමත් හරි එයාට හොඳටම කේන්ති ගියාට පස්සෙ නහයෙන් ලේ යන එක හරි ලේ වමනේ යන එක හරි මේ දවස්වල එයාට සාමාන්‍යය දෙයක් වෙලා තිබුනා. නිඛිල්ට ඒක කාටහරි කියන්න ඕනෙ උනත් ඊලඟට ඕක කාට කිව්වත් ඉවර වෙන්නෙ දෙව්හස්ටයි මංගලා මැනිකෙටයි අනුරාධ හාමුටයි කියලා නිසා එයාලා ඉස්සරහ දුර්වලයෙක් විදිහට නැමෙන්න තියෙන අකමැත්තට නිඛිල් සද්ද නැතුව හිටියා.

නිඛිල් කොච්චර පිටට නොපෙන්නුවත් එයා දුර්වල වෙනවා කියලා දෙව්හස්ට නිතින්ට තොතේරුනා නෙවෙයි. දෙව්හස් ඒ ගැන අහන හැම පාරම ඒ කතාව ඉවර උනෙත් රණ්ඩුවකින් වෙනකොට දෙව්හස් උනත් ඒක අහන එක නතර කලේ එයාට මේ නිඛිල්ගේ අහේතුක රණ්ඩු හිසරදයක් වෙලා තිබුන නිසා. අනිත් එක එයා දවසක් නිඛිල් නිදි වෙලාවක එයාව චෙක් කරල බලද්දි උනත් කිසිම ලෙඩක් ගැන හාංකවිසයක්වත් පේන්න නැති උන නිසා දෙව්හස් ආය ඒ ගැන ලොකුවට අහන්න ගියේ නෑ.

ආර්යආත්ම ( Aryathma ) Where stories live. Discover now