පනස් දෙවෙනි දිගහැරුම

2.6K 407 128
                                    

ආර්‍යාත්ම දෙන්නා ඇතුලට ගිහින් පැය හතරකටත් එහා තාමත් නැති වෙනකොට දෙහදුකඩුල්ලෙ හිටපු හැමෝම හිටියේ බයවෙලා. එයාලත් හිතුවේ ඒ දොරටුවෙන් කෙලින්ම දෙන්නා අදාලා තැනකට යන්න ඇති කියලා. ඉතින් පැය පහකට කිට්ටු වෙන්න එහෙම තැනක මොනා කරනවද කියන සැකේ එයාලට තියෙද්දි හැමෝම හිටියේ බය වෙලා. ඒ නිසාම කට්ටිය හිටියේ කලින් දොරටුව මැවුන ගස් දෙබල දිහා ඇහිපිල්ලම් නොගහා බලාගෙන.

ටික වෙලාවක් යනකොට දම්පාට එළියක් එක්ක ගස් දෙබල මැදින් නිකිලුයි දෙව්හසුයි ආපහු මතු වෙද්දීයි එයාලාට දැනුනේ එයාලා හුස්මගන්නවා කියලා. දෙව්හස් එතනින් එළියට එනවත් එක්කම ශාලිනී ගිහින් එයාව බදාගත්තේ නිතින් නිකිල්ව තමන්ගේ තුරුලට ගන්නකොට.

" දෙව්හස් අයියේ ඇයි පරක්කු උනේ මම බය උනා... "

" මල්ලී.. ඔයාලා හොඳින් නේද ? මුකුත් කරදරයක් නෑ නේ ? "

එකපැත්තකින් ශාලිනී දෙව්හස් ගැන සැලකිලිමත් වෙද්දි නිතින් නිඛිල්ගැන බැලුවත් නිඛිල්ගේ ඇස් තිබුනේ ශාලිනීට උත්තර බඳින දෙව්හස් ගාව.

" මම හොඳින් ශාලිනී. මේවා මෙහෙම කතා කරලා බෑ. අපි ඔක්කොම හෙට උදේම මේ ගැන කතා කරමු. දැන් ටිකක් රෙස්ට් කරන්න ඕනෙ. අපි දෙන්නටම මහන්සි. නේද ආර්‍යන් ? "

ශාලිනීව තමන්ගෙන් ඈත් කරන ගමන් දෙව්හස් එහෙම කීවේ මේ වෙනකොටත් හවස පහටත් කිට්ටු නිසා. අර ගුහාව ඇතුලේ වතුර පොදක් නැතුව ඇවිදල ඊලඟට ඒකටත් එක්ක හරියන්න වතුරේ ඉඳලා පොත් ගොඩක් තියෙන කාමරේකට රිංගලා ඒවා එක්ක ඔට්ටු වෙලා දෙව්හස් හිටියෙත් තෙහෙට්ටුවෙන්. ඉතින් එයා දන්නවා අනිවාර්යයෙන් නිඛිල් ඉන්නෙ ඊටත් වඩා මහන්සියෙන් කියලා.

" හරි එහෙනම් අපි හෙට උදේම සූරියබණ්ඩාර වලව්වට එන්නම්. "

දෙව්හස්ගේ මූනෙන් පවා මහන්සි පාට පේද්දි ශාලිනී ආය වචනයක්වත් නොකියා දෙව්හස් කියපු දේට එකඟ උනේ හෙට ඒ ගැන කතා කරන බලාපොරොත්තුවෙන්.

" ඉන්න මම ඔයාලව ගිහින් දාලම එන්නම්. එතනකන් ආර්‍යන් ඔයා යන්න අයියලා එක්ක "

අදත් කට්ටිය ආවේ දෙව්හස්ගෙයි අභිශේක්ගෙයි වාහන දෙකේ නිසා දෙව්හස් ශාලිනීලව දේවේන්ද්‍ර මහ ගෙදරින් දාලා එනකන් නිඛිල්ට යන්න කීවේ එයාව තවත් තෙහෙට්ටු කරන්න ඕනෙ නැති නිසා. ඒත් දෙව්හස් නිඛිල්ගේ මහන්සිය ගැන නොහිතා එයා එනකන් නිඛිල්ව අයියලා එක්ක තියාගත්ත නම් සමහරවිට ගොඩක් දේවල් වෙනස් විදිහට විසඳෙන්න තිබ්බා.




ආර්‍යආත්ම ( Aaryathma )Onde histórias criam vida. Descubra agora