තිස්නමවෙනි දිගහැරුම

1.1K 208 58
                                    


38 කියෙව්වද බලන්න ...








" සියලු දෙවි දේවතාවුන් හට ආරාධනා කල විලසට - නෑ යකුන් මං සෙවූ විලසට හඹා යන්න. මඟක් හමුවේවි නියතවම "



ශාලිනී එයාට ආත්ම කැඳවීමේවි හම්බුන ඉඟිය ගැන සූරියබණ්ඩාර වලව්වේ කන්තෝරුව කාමරේදි හැමෝටම කීවේ එතන හිටපු හැමෝම ඒ මොකක්ද වගේ බැල්මකින් එකිනෙකා දිහා බලද්දි. එයාලට විතරක් නෙවෙයි ශාලිනීටත් මේක තේරුම් ගන්න බැරුවයි හිටියේ.

හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කලත් සස්මිතගේ බලකිරිල්ල නිසා වගේම එයාටත් ඇඟට අමාරුව සම්පූර්ණයෙන් ම නැති වෙනකන් කියලා ශාලිනී ඊයේ දවසම හිටියේ ගේ අස්සට වෙලා. අනික දෙව්හස්ව ඩිස්චාජ් කලෙත් ඊයෙ හවස නිසා ශාලිනීට සූරියබණ්ඩාර වලව්වට එන්න වෙන උවමනාවක් තිබුනෙ නෑ. ඉතින් එයා ඊයේ දවසම කලේ ගෙදරට වෙලා මේක කල්පනා කරපු එක.

ඒත් විසඳුමක් පේන මානෙක නැති වෙනකොට එයා විස්තරෙත් අරන් දෙව්හස් ගාවට ආවේ දෙව්හස් අකමැත්තෙන් උනත් වෙන කරන්න දෙයක් නැතිකමට නිඛිල්ට, නිතින්ට වගේම අභිශේක්ටත් මේ ගැන කතාකරගන්න කන්තෝරු කාමරේට අඬගහද්දි. මොකද මේක උරුමය සම්බන්ධ දෙයක්. ඉතින් පෞද්ගලිකව කොයි විදිහේ තරහවල් තිබුනත් අනිවාර්යයෙන් එයාට නිඛිල්ව මේකට ගාවගන්නම වෙනවා. ඒත් මේ මුලු කාලෙ පුරාම නිඛිල්ට එක බැල්මක්වත් නොදී ඉන්න තරම් දෙව්හස් පරිස්සම් උනා.

නිඛිල්ට උනත් ඒක නොතේරුනා නෙවෙයි. එයාගේ හදවත පණපිටින් උගුල්ලනවා වගේ හැඟීමක් දැනෙනකොට එයාට ඕනෙ උනේ පුළුවන් නම් මෙතනින් පැනගන්න. ඒත් එයාට ඒක කරන්න බැරි බව එයාම දන්න නිසා නිඛිලුත් පුළුවන් තරම් දෙව්හස් දිහා නොබලා මේ විස්තරවලට විතරක් අවධානේ දෙන්න තීරනය කලා.

" ශාලිනී ඔයාට විශ්වාස ද මෙච්‍චරමයි ඒ කෙනා කීවේ කියලා. තව එක වචනයක්වත් අඩුම ඉඟියක්වත් දුන්නෙ නැද්ද ? "

කොච්චර කල්පනාකලත් මේ කියන දේ විසදගන්න බැරි තැන දෙව්හස් ඇහුවේ බැරිවෙලාවත් මොකක් හරි තැනක් ශාලිනීට මඟෑරිලද කියල බලන්න.

ආර්යආත්ම ( Aryathma ) Where stories live. Discover now