හයවෙනි දිගහැරුම

2K 400 119
                                    


පස්වෙනි එක කියෙව්වද බලන්න. උදේ දාපු එක. මිස් වෙයි නැත්නම් ..








උදේ පාන්දර හතරේ කනිසමට මුලින්ම ඇස් ඇරියේ දෙව්හස්. ඊයේ රෑ උන දේවල් එයාටත් ඇත්තටම හීනයක් වගේ. හොදට හිටපු නිඛිල්ගෙ නාඩි වැටෙන එක එකපාර නතර උන එක, ඊලගට එයා ආත්ම හුවමාරුව කරන්න හදිසියේ තීරණය කරන්න හේතුව පැත්තකින් තිබ්බම හිතුවටත් වඩා හොදට නිඛිල්ගේ ආත්මය දෙව්හස් දුන්න ශක්තිය උරාගත්තේ ඒ වෙලාවේ කිසිම හුලඟක්වත් නැතුව වෙද කුටියේ තිබුන වතුර භාජන හෙලවෙද්දි සමහර දාට පත්තු කරන්න තියල තියෙන ඉටිපන්දමුයි පහනුයි ඉබේටම පත්තු වෙන වෙන දෙයක් දෙව්හස්ටවත් හිතාගන්නවත් බැරි උනත් එයා ඒවට අවධානය නොදී ආත්ම හුවමාරුවට සම්පූර්ණ අවධානය දුන්නෙ පොඩිම හරි අත්වැරදීමක් උනොත් එයාගෙයි නිඛිල්ගෙයි දෙන්නගෙම ජීවීතේ අනතුරේ නිසා. කොහොම හරි ආත්ම හුවමාරුව සාර්ථක වෙනකොට අභ්‍යන්තර ශක්තිය හීන උන නිසා දෙව්හසුත් හොදටම දුර්වල වෙද්දි නිඛිල්ගේ එහා පැත්තෙන්ම එයා ඇල උනේ තප්පර කිහිපයක් ඇතුලත් එයාගෙත් ඇස් පියවෙද්දි. ඒත් එයාට පාන්දර හතර වෙනකොට ඇහැරුනේ නිඛිල් නින්දෙන් දඟලන්න ගත්තු නිසා. එයාව ඇහැරවන්න දෙව්හස් උත්සාහ කලත් එයා ඇහැරෙන් නැති තැන එයා නිඛිල්ගෙ පපුව උඩින් අත තිබ්බෙ ආත්ම හුවමාරුවත් එක්ක එකිනෙකාගෙ ආත්මය එක්ක සම්බන්ධ වෙන බලගතු විශ්ව ශක්තිය වගේ දේවල් එකිනෙකාට දැනගන්න පුළුවන් නිසා නිකමට වගේ නිඛිල්ට බලපෑම් කරන්නෙත් එහෙම දෙයක්ද කියල බලන්න. ඒත් එයා අත තිබ්බ පමාවටම ආපහු අත ගත්තේ එයාට ඇහුන දේ නිසා එයා එකපාර ශොක් වෙද්දි. කඩදොර උරුමය ! එතකොට කඩදොර උරුමක්කාරයා මේ සුදු පැටියද ? ඒත් ඒක කොහොමද උනේ ? එතකොට ඒ නිසාද මට එයාව වෙනස් විදිහට දැනුනේ ? දෙපාරක්වත් නොහිතා ආත්ම හුවමාරුවකට යන්න තරම් එයාගෙ නාඩි නැවතුන එක මාව බය කලේ මේ නිසාද ? දෙව්හස් මේ දේවල් ගැන හිත හිත ඉද්දි වෙනදට හීනෙ දැකලා ගැස්සිලා ඇහැරෙන නිඛිල්ටත් අද ආපහු එහෙම්ම නින්ද ගියේ නින්දෙන්ම දෙව්හස්ගෙ පුලුල් පපුවට තුරුල් වෙද්දි.

තමන්ගේ පපුවට තුරුල් වෙලා ඉන්න පොඩි එකා දිහා දෙව්හස් බලන් හිටියා. ඔව් දෙව්හස්ට අනුව එයා පොඩි එකෙක්. උඩු හිත පිලිගන්න අකමැති උනත් නිඛිල්ව දැක්ක පලවෙනි පාරත් එයාට හිතුනෙ එහෙම කියල දෙව්හස්ගේ යටි හිත දන්නවා. නිඛිල්ගේ නලලට වැටුනු කොන්ඩ කැරැල්ලක් පස්සට කරපු දෙව්හස් ඔලුවත් යන්තමට අතගාගෙන නිඛිල්ගේ උදේ බෙහෙත් ලෑස්ති කරන්න ගියේ උරුමක්කාරයාව බලාගන්න එක භාරකාරයා උන එයාගෙ වගකීමක් නිසා විතරමයි !!

ආර්යආත්ම ( Aryathma ) Where stories live. Discover now