හතලිස්හයවෙනි දිගහැරුම

2.1K 398 71
                                    




අභිශේක් කියපු දේත් එක්ක හැමෝම එයා දිහා බැලුවේ එයාට හිතුන දේ එයා කියද්දි.

" දැන් මෙහෙමනේ උඹල කියනවා දුටුගැමුණු කුමාරයා යතුරුගහලියද්දට යතුරක් විසික් කරා කියලා. හැබැයි උඹල දන්නෙ නෑ ඒක මොකේ මොන යතුරක්ද කියලා. දැන් අපි ගාව මෙතන යතුරක් තියෙනවා. ඉතින් හිතෙන්නේ නැද්ද මේ ඒ යතුර කියලා. "

" ඔව් ඒක වෙන්න පුළුවන්. දෙව්හස් අයියේ බලන්න මේ නැකැත් පත්‍ර ලියලා තියෙන අකුරු. මේවා ගොඩක්ම ඒ කාලේ ඒවට සමානයි නේද ? ඊට කලින් නැකැත් පත්‍ර සාමාන්‍යයෙන් ලියන්නෙ මීට වඩා වෙනස් විදිහට නේද ? "

අභිශේක් කියපු දේත් එක්ක ශාලිනීත් එයාට හිතුන දෙයක් දෙව්හස්ට කීවේ නැකැත් ප්ත්‍ර එක්කම හැදුනු ශාලිනීට කාලෙන කාලෙට ඒවා ලියලා තියෙන විදිහ ගැන හොඳ අවබෝධයක් තිබුන නිසා.

" මට කියන්න එතකොට ඇයි දුටුගැමුණු කුමාරයා පුස්කොළත් එක්ක යතුරු මෙතන හැංගුවේ කියලා ? "

සස්මිත ශාලිනීගෙන ඇහුවත් එයාට උත්තරේ හම්බුනේ අභිශේක්ගෙන්.

" මේ මට හිතුන විදිහ හරිද. දුටුගැමුණු කුමාරයා කියන්නේ උරුමක්කාරයා නොවුනත් පින්වන්ත කෙනෙක් නිසා එයාට මේ ශුද්ධ වස්තු අත දරන්න පුළුවන් වෙන්න ඇති. එයාට මේ යතුර හම්බුනා කියන්නේ එක්කෝ දොරටුව ඇරියා එහෙම නැත්නම් අරින්න උත්සහ කරා වෙන්න ඕනේ. සමහරවිට එයාට අරින්න පුළුවන් වෙන්න ඇති. එහෙම නැත්නම් බැරි වෙන්නැති.

කොහොමහරි දුටුගැමුණු කුමාරයාගේ කාලෙ හොඳම දෛව‍ත්‍යයෝ ඉඳලා තියෙන්නේ කොත්මලේ. පොත්පත්වලත් තියෙනවා පොන්න නැකත් කාරයාගේ පවුලත් එක්ක දුටුගැමුණු කුමාරයා සමීප සම්බන්ධතා ගෙනිච්චා කියලා. පොන්න නැකැත් පරම්පරාව කියන්නෙ ගොඩක් දක්ශ අය හිටපු පරම්පරාවක්. කොත්මලේ බරණයා කියන්නෙත් එයාලගේ කෙනෙක්.

ඉතින් සමහරවිට මේ නැකැත් පත්‍ර හැදුවේ ඒ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. "

පොත්පත් කියවලාම ඉතිහාසය ගැන හොඳ දැනුමක් තිබ්බ අභිශේක් එයාට හිතුන දේ කීවේ කට්ටියම ඒ ගැන හිතද්දි.

ආර්‍යආත්ම ( Aaryathma )Where stories live. Discover now