දාසයවෙනි දිගහැරුම

1.6K 320 77
                                    

නිඛිල් පුරුදු විදිහටම ඇස් ඇරියේ දෙව්හස්ගේ අත උඩ ඔලුව තියාගෙන පපුවට තුරුල් වෙලා. තමන් දිහා බලාගෙන ආදරණීය හිනාවක් දුන්න දෙව්හස් දැක්කම නිඛිල්ගෙ මුලු මූනම රතු උනේ ඊයෙ රෑ තනගොල්ලෙ උන දේ මතක් වෙලා.

නොහිතපු විදිහට පටන් ගත්තු සිපගැනීම විනාඩි ගානකටම ඇදිලා ගියේ මොකක් හරි කෝට්ටක් පෑගෙන සද්දෙකට දෙන්නම හරි සිහියට එද්දි. ඒ දෙන්නගේ ලෝකෙ ගිලිලා හිටපු දෙන්නටම කව්රුත් එනවා තේරුනේ නෑ වගේම ඇහුන සද්දෙට විපරම් කලත් එයාලට කව්රුත් දකින්න ලැබුනෙ නැති නිසා දෙන්නම හිතුවේ සතෙක්වත් වෙන්න ඇති කියල.

කොහොමහරි ඒ වෙලේම දෙන්නා ආපහු එන්න පිටත් උනේ එනකන්ම විතරක් නෙවෙයි ඇවිත් නිදියනකන් පවා දෙන්න අතර එක වචනයක්වත් හුවමාරු නොවෙද්දි. නිඛිල්ට උන දේ එක්ක දෙව්හස්ට මූන දෙන්න ලැජ්ජා හිතෙද්දි දෙව්හස් සද්ද නැතුව හිටියේ නිඛිල්ට ටිකක් සන්සුන් වෙන්න දීලා. කතා නොකර ඇදට ආවත් පුරුදු විදිහටම නිඛිල් දෙව්හස්ට තුරුල් වෙද්දියි දෙව්හස් නිඛිල්ව තුරුල් කරද්දීයි දෙන්නටම තේරුනා දෙන්නගෙම හිත් වල අනිත් කෙනා ගැන තරහක් නෑ කියන එක. ඒක නිඛිල්ගේ වගේම දෙව්හස්ගෙත් සහනයක් උනා.

ඒත් තව දුරටත් නිඛිල් දෙව්හස්ගෙන තමන්ගේ මූන හංගද්දි නම් දෙව්හස් නිඛිල්ගේ නිකටින් අල්ලලා මූන උඩට ඉස්සුවේ එයාගෙ නලලට ලා සිපුමක් තියෙන ගමන්. ඒකට නිඛිල්ගේ ඇස් පියවෙන දිහා බලන් හිටපු දෙව්හස් එහෙම්ම නිඛිල්ගේ ඇග උඩට ආවේ නිඛිල් ඇස් ලොකු කරන් බලන් ඉද්දී. ඒත් ඒ ඇස්වල තිබුනේ පුදුමයක් මිසක් අකමැත්තක් නෙවෙයි කියල තේරුන දෙව්හස් නිඛිල්ගේ ඇග දෙපැත්තෙන් මෙට්ටෙට තියපු අත්වලට බර දීලා එයාගෙ තොල්වලට පාත් උනේ නිඛිලුත් ආපහු ඇස් පියාගෙන දෙව්හස්ට රිඇක්‍ට් කරද්දි. 

ඊයෙ වගේ සද්දෙකින්වත් එයාලට බාධාවක් නොවෙද්දි දෙව්හස්ගෙ තොල් ඒ වෙනකොටත් එයා අතින් නිරුවත් උන  නිඛිල්ගෙ උඩුකයේ බෙල්ල, උරහිස, පපුව පිලිවෙලට ආක්‍රමණය කලේ නිඛිල් තමන්ට ඒ දැනෙන නුපුරුදු පහසට මත් වෙලා ඉද්දි. භාගෙට පියවුනු ඇස්, අත්වලට කිටි කිටියේ මිරිකුන ඇදරෙදි එක්ක නිඛිල්ගෙ කටින් සැරෙන් සැරේ පිටවෙන ලා කෙඳිරුම් දෙව්හස්ගෙ ඉවසීම අන්තෙටම අරන් ගියා. නිඛිල්ගේ උඩුකය සම්පූර්ණයෙන්ම තමන්ගේ අයිතියට ගත්ත දෙව්හස් නිඛිල් දිහා බැලුවේ ඊලඟ පියවරට යන්න අවසර ඉල්ලන ගමන්. දෙව්හස් අහන දේ තේරුන නිඛිලුත් ලාවට ඔලුව වනන ගමන් ඒකට ඉඩදුන්නෙ දෙව්හස්ගෙ ඇදුනුත් නිඛිල්ගේ අත්වලින් ගැලවෙද්දි.

ආර්යආත්ම ( Aryathma ) Onde histórias criam vida. Descubra agora