දාහත්වෙනි දිගහැරුම

1.6K 315 106
                                    

ආපහු සූරියබණ්ඩාර වලව්වට ආපු කොල්ලො දෙන්නා මද්දහනේ උනත් නින්දක් දාන්න තීරණය කලේ මොනා උනත් පහු ගිය ටිකේ තිබුන වැඩ ටිකයි පීඩනෙයි නිසා හරි හමන් නින්දක් එයාලට ලැබුනෙම නැති තරම් නිසා. ඒත් ගෙදරට එන පාරට කිට්ටුවෙන්ම තියෙන කාමරේ උන්න ඒ දෙන්නට ඇහැරුනේ සද්දෙන් රේස් කරන් ඇවිත් නවත්තපු වාහනේක සද්දෙ නිසා. වාහනේ සද්දෙන්ම ආවේ කවුද කියල අඳුරගත්ත දෙව්හස් ගේ මූනට හිනාවක් ආවෙ ඇහුන සද්දෙයි ජනේලේ පැත්ත බලාගෙන හිනාවෙන දෙව්හසුයි නිසා උන දෙයක් හිතාගන්න බැරුව නිදි මතේම හිටපු නිඛිල් ඇස් පොඩි කර කර එයාව ඇහැරෙව්ව තරහට ජනේල දිහාට රවද්දි. ඒත් ඒ තප්පරේටම එයාලට ඇහුනේ වලව්වෙ දොරකඩින් කෑ ගහන් ආපු සද්දයක්.

" යෝහ් සූරියබණ්ඩාර පුංචි හාමු .. උබ ඉන්නවද ඒයි.. අනුරාධ හාමු මහත්තයා මංගලිකා මැනිකෙ ඔයාලගේ ආදරණීය අභිශේක් පුතා ආවා !!! "

මුලු වලව්වට ම ඇහෙන තරම් සද්දෙට කෑ ගහන් ආපු කොලුවා ගෙදර කව්රුත් ඒ වෙනකනුත් එයාව පිලිගන්න ආවෙ නැති නිසා පුරුදුකාරයෙක් වගේ දෙව්හස්ගේ කාමරේ දොර ඇරන් ඇතුලට ආවෙ දෙව්හස් කාමරෙ දොර වැහුවත් අත්‍යවශ්‍ය නැත්නම් එයා දොර ලොක් කරන් නෑ කියල දන්න නිසා. ඒත් දොර ඇරන් ආපු වේගෙටම අභිශේක් එකපාරම දොරකඩම බ්‍රේක් ගැහුවෙත් පොඩිම පොඩි ශෝටක් විතරක් ඇදන් ඇඳේ හිටපු නිඛිල්ගේ ඇඟට දෙව්හස් ශීට් එකක් විසික් කරෙත් එකම වෙලාවෙ.

ටින්ට් කරලා කියලා හිතන්න පුළුවන් ටිකක් දිගට වැවුණු මුහුදු රැලි පෙනුමක් තිබුණු රත්තරන් පාට කොන්ඩේ, එක කනක් දිගට එල්ලෙන කරාඹුව, දෙව්හස්ට වඩා ටිකක් විතර පැහැපත් හමක් වගේම හොඳට මේන් ටේන් කරනවා කියල පෙනුන බොඩි එක එක්ක , කැපිලා පේන්න තිබුන පපුව මට්ටමට වගේ සෑහෙන දිගට එල්ලුන වයිට් ගෝල්ඩ් මාලේ.. මේ දේවල් වලින් වගේම කතා බහෙනුත් නිඛිල්ට තේරුනා මොනා නැත්තත් මේ දැන් කිසිම හැදියාවක් නැති ගානට කාමරෙට කඩාපාත් උන කොල්ලා අංක එකේ රස්තියාදුකාරයෙක් වගේම සල්ලිකාර තාත්තෙක්ගේ නාස්තිකාර පුත්තරයෙක් කියල.

 මේ දේවල් වලින් වගේම කතා බහෙනුත් නිඛිල්ට තේරුනා මොනා නැත්තත් මේ දැන් කිසිම හැදියාවක් නැති ගානට කාමරෙට කඩාපාත් උන කොල්ලා අංක එකේ රස්තියාදුකාරයෙක් වගේම සල්ලිකාර තාත්තෙක්ගේ නාස්තිකාර පුත්තරයෙක් කියල

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
ආර්යආත්ම ( Aryathma ) Où les histoires vivent. Découvrez maintenant