දහ අටවෙනි දිගහැරුම

1.7K 275 23
                                    

අභිශේක් කියන්නෙ කොහොමත් උදේ දහයවත් වෙනකන් නිදියන කෙනෙක්. ඊයෙ ගමන් මහන්සියත් එක්ක කොහොමත් අභිශේක් දොලහවත් වෙනකන් නිදියනවා කියලා අත්දැකීමෙන් දන්න දෙව්හස් නිඛිල් එක්ක උදේම කතා උනේ එයාලා ඊලගට කරන්න ඕනෙ මොනාද කියලා.

" ආර්‍යන් අපි දැන් මොනාද කරන්න උනේ. අර ඇහුන කටහඬ කීවේ උරුමය සොයාගන්න කියලා. ඒත් ඕක කොහෙ තියෙන එකක්ද කවුද දන්නෙ. අනික ඇයි ඕක අපි හොයාග්න්න ඕනෙ මෙච්චර කල් තිබ්බ වගේ තියෙන්න දුන්න නම් ඉවර නේ "

" ආතූ මමත් ඕක ගැන හිතුවා. ඔයා කිව්ව නේද නාගයින්ගෙ ඔයිට කලිනුත් එක්කෙනෙක් උරුමය හොයන්න ගියා කියල. ඒ වගේ දැනුත් එයාලා ට්‍රයු කරනවද දන්නෙ නෑ. මම අහගෙන දවසක් ගමේ මිනිස්සු කතා වෙනවා දේවේන්ද්‍රලා මොනා හරි ලොකු දේකට ලෑස්ති වෙනවා කියල. මොකද එයාල ඔය rare plants එහෙම හෙව්වලු. ඉතින් එයාලට ඕක ගන්න කලින් අපි ඒක protect කරන්න ඕනෙද දන් නෑ. මම කියවපු කතාවකත් එහෙම තිබුනා. "

මුල කියපු දේවල් දෙව්හස් අහන් හිටියේ මෙච්චර මේ එයාටවත් නොහිතුන දෙයක් කොහොමද නිඛිල්ට හිතුනේ කියල හිතන ගමන්. ඒත් එයා ඒ කීවේ කියවපු කතාවක් ගැන කීවම දෙව්හස් නිඛිල්ගෙ ඔලුවට ටොක්කක් ඇන්නෙ කොච්චර බැරෑරුම් දෙයක් උනත් නිඛිල් ටක් ගාලා එයා කියවපු කතාවලට ආදේශ කරන එක තාම නවත්තල නැති නිසා. ඒත් ආයෙමත් හිතනකොට දෙව්හස්ට හිතුනා ඒ කතාවත් ඇත්ත වෙන්න පුළුවන් නේද කියල. කොහොම උනත් දැන් ඔය කඩදොර උරුමය හොයන්න පටන් ගන්න මුලක් හිතාගන්න බැරුව දෙව්හස් දහ අතේ කල්පනා කලේ අන්තිමේ එයාට පොටක් පෑදෙද්දි.

" ආර්‍යන් අපි අදම යතුරුගහලියද්ද පන්සල බලන්න යන්න ඕනෙ "

" යතුරුගහලියද්ද ඒ මොකද එකපාර ? "

දෙව්හස් එක පාර කියපි දේ එක්ක නිඛිල්ට පුදුම හිතුනේ මේ වෙලාවේ යතුරුගහලියද්ද කොහොම මෙතනට ඈදෙනවද කියල හිතන ගමන්.

" මට මේක හරියටම ශුවර් නෑ. ඒත් අපේ පරම්පරාව ඇතුලේ කතාවක් යනවා නේ දුටුගැමුනු රජතුමා යතුර විසික් කරල වැටුන තැනයි ඒ පන්සල හැදුවේ කියල. මම එදා ඔයාට කීවෙ ඒ විස්තරෙ. ඉතින් බැරිවෙලාවත් ඒක ඇත්තනම් අපිට එතනින් මොකක් හරි හෝඩුවාවක් දැනගන්න පුළුවන්. දැන් එකොලහයි නේ. අපි එකට විතර පිටත් වෙමු කාලා එහෙම. මේක තවත් පරක්කු කරන එක හොද නෑ. "

ආර්යආත්ම ( Aryathma ) Where stories live. Discover now