තිස් හත්වෙනි දිගහැරුම

1.4K 224 55
                                    

දවස් තුනක් ගෙවිලා ගියේ නිඛිල්ගේ ජීවීතේ නරකම කාලේ එයාට උදා කරල දෙන ගමන්. දෙව්හස්ගේ ඇඟේ තියෙන විශ වෙදහාමු අයින් කරත් ඇඟට උන හානිය හොඳ වෙන්න දීපු බෙහෙත් නිසා දෙව්හස් හිටියේ දවසින් වැඩි හරියක් නිදාගෙන. ඒත් ඒ ඇහැරුන වෙලාවට උනත් වෙදගෙදර අය ඇරුනම අනුරාධ හාමු ඇර වෙන කාවවත් එක්ක කතාවත් කරන එක එයා ප්‍රතික්ෂේප කලා. අඩුම අභිශේක් එක්කවත්. එයාගෙ හොඳම යාලුවා වෙලත් තමන්ගේ අම්මට වස දෙන්න උත්සාහ කරපු එකාගේ පැත්තේ ඉන්න එකට දෙව්හස් හිටියේ අභිශේක් එක්කත් පුදුම තරහකින්.

එදා සිද්ධිය වෙලා දවසක් යනකොට නිඛිල්ට ගෙදර යන්න පුළුවන් මට්ටමට හොඳ උනත් එයා වලව්වට යන එක ප්‍රතික්ෂේප කරපු නිසා නිතිජ් කොත්මලේ හොලිඩේ රෙසෝට් එක බුක් කරන්න හැදුවත් අනුත්තර එයාලට එයාගෙ ගෙදර නවතින්න කියලා ඇරයුම් කලේ වෙදගෙදර මායිමේ තියෙන අනුත්තරගේ චූටි ලස්සන ගෙදර ඉන්නෙ එයා විතරක් නිසා. අනුත්තරගේ බල කිරීම නිසාත් මේ වෙනකොටත් අනුත්තර නිතින් එක්ක සෑහෙන්න ෆිට් වෙලා තිබුන නිසාත් නිතින් ඒකට එකඟ උනේ නිඛිලුත් අනුත්තරගේ ගෙදර ඉන්න කැමති උන නිසා.

අනුත්තර නිතින්ට වඩා අවුරුද්දක් වැඩිමල් ප්‍රියමනාප කෙනෙක් වෙද්දි එයා මේ දවස් ටිකේම නිඛිල්ගේ හිත හදන්න සෑහෙන්න උත්සාහ කලා. උන දේවල් එක්ක නිඛිල් හිටියේ බයෙන් වගේම දුකින් වෙනකොට එයා දවසින් වැඩි හරියක්ම කලේ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න එක. එහෙමත් නැත්තම් වෙදගෙදර මායිමේ තියන තැනිතලාවට ගිහින් චිත්‍ර අඳින එක. නිතින් උනත් කොච්චර උත්සාහ කලත් නිඛිල්ව පරණ නිඛිල් කරන එක ලේසි උනේ නෑ.


ඒත් අනුත්තර එක්ක ඉද්දි නිඛිල් ටිකක් හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




ඒත් අනුත්තර එක්ක ඉද්දි නිඛිල් ටිකක් හිනා උනා. අනුත්තරගේ විකාර වැඩවලට බොරු විහිලුවලට නිඛිල් රිඇක්ට් කලා. ඉතින් නිතින් ඒ වෙනුවෙන් අනුත්තරට නොසෑහෙන්න ස්තූතිවන්ත උනා.

ආර්යආත්ම ( Aryathma ) Where stories live. Discover now