විසිහත්වෙනි දිගහැරුම

1.1K 216 82
                                    

එදා වැටුනු ගමන්ම වෙදකම ගැන දෙව්හස් මංගලාට හරි විදිහට ප්‍රතිකාර කරල තිබුන නිසා මංගලාගේ ජීවීතේ බේරුනත් එයාගෙ ඉනෙන් පහල පන නැති උනේ වැටුනු පාරට උකුල් ඇටේට හානි වෙලා තිබුන නිසා.

එදා සිද්ධිය උන වෙලාවේ වලව්වෙ හිටපු අයට ඇරුනම අනිත් හැමෝටම සූරියබණ්ඩාර වලව්වෙ අය කීවේ මංගලා මැනිකෙ ලිස්සලා වැටුනා කියලා. මොකද එයාලට මොන දේ උනත් ඕන උනේ නෑ ඇතුලේ ප්‍රශ්න පිටට දෙන්න. ඒත් වලව්ව ඇතුල නම් මේ සති ගානට අවුල් ජාලයක් වෙලා තිබුනා.

නිතින් මංගලා මැනිකෙගේ උකුල් ඇටේටෙ හානි වෙලා කියලා ඩොක්ටර්ස්ලා කියපු ගමන් නිඛිල්වත් අරන් යන්න තීරනය කලේ වලව්වෙ හැමෝම දැන් නිඛිල් දිහා බලන්නෙ පවා මිනීමරුවෙක් ගානට නිසා. ඒත් අනුරාධ හාමු ඒකට තදින්ම විරුද්ද උනේ කඩදොර උරුමය ගැන කියලා. එයාලට අමතකම වෙලා ගිහින් තිබුනත් එයාලාට කඩදොර උරුමය හොයාගන්න කියලා කිව්වෙ, නිඛිල් කොත්මලේට ආවේ අහම්බෙකින් නෙවෙයි කියලයි එයා කිව්වෙ. අනුරාධ හාමු තදින්ම කීවෙ දැන් මේක දාලා ගියොත් එයාලගේ ජීවිතවලට විතරක් නෙවෙයි පරම්පරාවට පවා හානි වෙන්න පුළුවන් කියලා සමහර විට. ඒ නිසා ඒක පුළුවන් ඉක්මනින් විසදගන්න බලන්න. එතකන් යන්න එපා කියලා.

ඔක්කොමත් හරි දෙව්හස් මේ දවස් ටිකේම නිඛිල් දිහා බැලුවෙවත් නෑ. එයා හිටියේ කරගන්න දෙයක් නැතුව. එයා හොඳටම දැක්කා වැටෙන්න ගිය වෙලාවේ අම්මා නිඛිල්ව අල්ලා ගන්නවා වගේම නිඛිල් ඒ අත ගසලා දානවා. ඒ නිඛිල් නොවී වෙන කෙනෙක් උනා නම් දෙව්හස් මේ වෙනකොටත් ඒ කෙනාගෙන් පලි අරන්. ඒත් මේ ඉන්නෙ එයාගෙ ආර්‍යන්. ඉතින් එයා කලේ නිඛිල්ව මඟෑරලා දාලා හිටපු එක. අනිත් අතට දැන් එයාගෙයි ශාලිනීගෙයි විවාහෙත් තීන්දු වෙලා ඉවරයි !

මංගලා මැනිකෙට කරපු ඔපරේශන් වලින් දවස් පහකට පස්සෙ දෙව්හස්ලා එයාව අරන් ආපහු වලව්වට ආවා. මංගලා මැනිකෙ නිඛිල්ව දකින එක පවා ප්‍රතික්ෂේප කරන කොට නිඛිල්ලව පහල තට්ටුවේ කාමර වලට යැව්වෙ උඩට එන එක පවා එයාලට සීමා කරලා. ඔය කාලෙ ශාලිනී නම් වලව්වෙ නතර වෙලා වගේ හිටියේ. මංගලාගෙ හැම දේම වගේ උනේ ශාලිනීගේ අතින්. මොන දේ උනත් මේ වෙලාවේ ඒක දෙව්හස්ලට පවා ලොකු සහනයක් උනේ ඒ පවුලට දුවෙක් නැති නිසා.

ආර්යආත්ම ( Aryathma ) Where stories live. Discover now