තිස්දෙවෙනි දිගහැරුම

1K 200 24
                                    


31 කියෙව්වද බලන්න. සමහරුන්ට මිස් වෙලා.





ටික වෙලාවක් යනකන් දෙව්හස් කියපු දේ ගැන නිඛිල් සෑහෙන්න කල්පනා කලත් එයා අන්තිමේ තීරණේකට ආවා එයාගෙන් දෙව්හස් බලාපොරොත්තු වෙන්නෙ උරුමය විවෘත කරගන්න එකනම් ඒක කරලා දීලා පැත්තකට වෙන්න. මොකද ආදරේ කියන්නෙ බලන් ලබාගන්නවත් ඒ කියල අතෑරල දාලා වෛර බඳින්නවත් පුළුවන් දෙයක් නෙවෙයි කියලා එයාට තේරුනා.

" හොඳ විදිහට හරි නරක විදිහට හරි මේ දේවල් ඉක්මනින් ඉවරයක් වෙනවා නම් ! එහෙනම් මට ඔයාගෙ ලස්සනම මතක වැඩියෙනුයි නරක මතක අඩුවෙනුයි තියෙද්දි ආපහු යන්න පුලුවන්. ඒත් ඒ ලස්සනම මතක වලට වඩා නරක මතක වැඩි උනොත් මට ඒක ලොකු වේදනාවක් වේවි ! "

ලොකු හුස්මක් ගන්න ගමන් නිඛිල් ආපහු දෙහදුකඩුල්ල ඇතුලට ගියේ කට්ටියම එතන එයා වෙනුවෙන් බලාගෙන ඉන්න නිසා. නිඛිල් යනකොටත් කට්ටිය හිටියේ වටේම හොදට සෝදිසි කරන ගමන්.. අර අකුරුවලින් කියන ලේ කියන්නෙ දෙව්හස්ගෙයි නිඛිල්ගෙයි ලේ උනත් ඒවා මික්ස් කරන්න ඕනෙ කොතනදිද කියන්න එයාලට හිතාගන්නවත් අඩුම ඉඟියක්වත් හොයාගන්න බැරි උනා.

කට්ටියම ගලේ අකුරුවලට විතරක් මුල් තැන දීලා තිබුනත් නිඛිල් කෝකටත් කියලා ඒ ගලේ මතුපිට පෘෂ්ඨය නිකමට අල්ලලා බැලුවේ එයාට නිකන් ඒකේ හීරුම් පාරවල් වගේ යාන්තමට පෙනුන නිසා. මතුපිට පෘෂ්ඨය ඇරුනම අනිත් තුන් පැත්තම ගානට සුමටව තියෙද්දි ඒක විතරක් සීරිලා තියෙන එක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ.

ඒත් දෙතුන් පාරක්ම ඒ පෘෂ්ඨය පුරා ඇඟිල්ල අරන් ගිය නිඛිල්ගේ ඇස් ඉබේටම ලොකු උනේ එතන තිබුනේ එයා හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි නිසා.

" මල්ලි මොකද ? ඇයි ? "

නිඛිල්ගේ මූන වෙනස් වෙනවත් එක්කම නිතින් ඉක්මනින් එයාගාවට ගියේ අනිත් අයගේ අවධානෙත් එයාලට හම්බෙද්දි.

" spirit "

" මොකක්ද ? "

" spirit. මේ ගල උඩ spirit symbol එක කොටලා තියෙනවා. "

පොඩි කාලෙ ඉදන් symbolism ගැන පිස්සුවෙන් වගේ ඉගන ගත්තු නිඛිල්ට symbolism වල මූලිකම symbol එකක් වෙන spirit symbol එක අඳුරගන්න පුළුවන් උනත් ඒක අතගාලා බැලුවට වෙන කාටවත් ඒක මොකක්ද කියලා හිතාගන්න බැරි උනා. එයාලට දැනුනේ නිකන් ඉරිකෑලි ටිකක් විතරයි. ඒ හින්දම නිඛිල් එයාගේ ෆෝන් එක අරන් එයාගෙ ගැලරියේ symbols කියලා වෙනම තිබ්බ ෆෝල්ඩර් එකේ spirit symbol එකට අදාල රූපේ පෙන්නද්දි නම් කට්ටියටම තේරුනා එතන කොටල තිබුන එකේ හැඩෙත් ඒ වගේ කියලා.

ආර්යආත්ම ( Aryathma ) Kde žijí příběhy. Začni objevovat