හතලිස්වෙනි දිගහැරුම

1.2K 215 67
                                    

දවල් කෑමෙන් පස්සෙ කට්ටියම පුසුල්පිටිය පන්සලට යන්න පිටත් උනේ මේ ටිකේම හතර පහු වෙනකොට වහින්න ගන්න හින්දා. වාහනවල පන්සල ගාවට යන්න පුළුවන් කිව්ව නිසා දෙව්හස්ගේ වාහනේ එයා ශාලිනීයි සස්මිතයි එක්ක පිටත් වෙද්දි නිතින් නිඛිලුයි අභිශේකුයි එක්ක දෙව්හස්ගේ වාහනේ පිටිපස්සෙන් ගියා.

පැය භාගයක් යද්දි පුසුල්පිටිය විහාරෙට ආපු කට්ටිය වාහන නවත්වලා ගියේ යකාතැනූ පඩිපෙල ගාවට. පුසුල්පිටිය විහාරෙට ගොඩ වෙන්න තියෙන ගල්වලින් හදපු ලොකූ පඩිපලෙක් තමයි යකාතැනූ පඩිපෙල කියන්නෙ. ඒ කාලෙ යකුන් ලවා හැදෙව්වා කියන ජනප්‍රවාදේ එක්ක ඒ නම ඒ පඩිපෙලට ලැබිලා තිබුනා. ඉතින් කට්ටියම ඒ විසාල පඩිපෙල හති දදා නැග්ගෙ එයාලා විහාරෙට ගොඩ වෙනකොටම නායක හාමුදුරුවෝ එයාලගේ ඉස්සරහට එද්දි.


" මේ සූරියබණ්ඩාර වලව්වෙ දෙව්හස් හාමු නොවැ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.




" මේ සූරියබණ්ඩාර වලව්වෙ දෙව්හස් හාමු නොවැ. කාලෙකින් මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ "

කොත්මලේ අවට හැමෝම විශේශෙන්ම පන්සල්වල නායක හාමුදුරුවරු සූරියබණ්ඩාර වලව්ව එක්ක සම්බන්ධතා පැවැත්තුවා. දෙව්හස්ගේ සීයාගේ මරණෙන් පස්සෙ හරිනම් දෙව්හස් මේ හැම පන්සලකටම ඇවිත් හාමුදුරුවරු එක්ක කතා කරන්න ඕනෙ උනත් එයාට උන දේවල් එක්ක දෙව්හස්ට පුළුවන් උනේ ලඟම පන්සල් කීපෙට යන්න විතරයි.

" සමාවෙන්න අපේ හාමුදුරුවනේ. සීයාඅප්පච්චි නැති උනාට පස්සෙ ගොඩක් දේවල් සිද්ධ උනා. ඒ නිසයි මේ පැත්තේ එන්නවත් බැරි උනේ. "

නායක හාමුදුරුවන්ට වඳින ගමන් දෙව්හස් කීවේ අනිත් අයත් දෙව්හස්ව අනුගමනය කරද්දි.

" හ්ම්ම්. දේවේන්ද්‍රලාත් කාලෙකින් මෙහෙට්ට ඇවිත් තියෙන්නෙ. ඒකත් සූරියබණ්ඩාරලා එක්ක. හ්ම්ම්. හ්ම්ම්.. මට ආරංචි උනා සූරියබණ්ඩාරලා දේවේන්ද්‍රලා එක්ක එකතු වෙන්න යන කතාවක්. "

ආර්යආත්ම ( Aryathma ) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin