සැඩ රළ - chapter 02

Start from the beginning
                                    

❤️ විකාර කියවන්න එපා ඔම්මා...යූන් දැනුයි ගෙදරට ආවේ..ඉන්න මන් එයාව එක්කගෙන එන්නම් !!..

අම්මවයි හොබීවයි එහාට කරපු කෙල්ල බඩත් උස්සන් යූන්ගිගේ නම කියාගෙන උඩට යනකොට හොබියි අම්මායි තාත්තයි පොඩ්ඩ එක්ක කෙල්ල පස්සෙන් ආවා..

❤️ යූන්...යූන් පොඩ්ඩක් බාතෲම් එකෙන් එලියට එන්නකෝ...යූන්...

කෙල්ල දොරට ගහලා කතා කරලා බැරිම තැන බාතෲම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියත් යූන්ගි පේන්න නැති නිසා ගේ පුරාම යූන්ගිගේ නම කිය කිය කෑ ගහ ගහ ඇවිද්දේ හොබි කෙල්ලගේ පස්සෙන් කෙල්ලව නවත්තන්න උත්සාහ කරන අතරෙයි..

❤️ යූන්..මේක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි..ඉ..ඉන්න තැනකින් එන්න මගේ යූන්...

කෙල්ලගේ හිතට මූසල හැගීම් ගොන්නක් එනකොට ඇස්වලින් කදුලු එක දිගට බේරෙන්න පටන් ගත්තත් බඩත් අල්ලන් කෙල්ල මුලු ගේ පුරාම යූන්ගිව හෙව්වා..

🦄 සේරා කියන දේ අහන්න සේරා...ප්ලීස්...

හොබි සේරව බලෙන්ම නතර කරලා තද කරලා අත් දෙකෙන් අල්ලගත්තාත් සේරාගේ ඇස් තාමත් අඩ අඩ ගේ පුරාම යූන්ගිව හෙව්වා..

🦄 සේරා ඊයේ යූන්ගිට වෙඩි වැදිලා එයා අපිව දාලා ගියා සේරා..ම..මගේ අත් උඩම එයා අපිව දාලා ගියා සේරා..

හොබි කෙල්ලගේ ඇස් දිහා බලන් කියනකොට කෙල්ල අඩාගෙන හොබීගේ උරහිසින් ඔලුව තියාගෙන හොබිගේ පපුවට ගහන්න පටන් ගත්තේ හිතට දැනුන මුසල හැගීම නතර කරගන්නයි..සේරා තාමත් ඒ දේවල් පිලිගන්න ලෑස්ති උනේ නෑ..

❤️ බොරු කියන්න එපා හොබී...මගේ යූන් දැන් ගෙදර ආවනේ...එ..එයා ම..මට ආදරෙයි කිව්වා..ම..මගේ මෙතනට මෙතනට උම්මාත් දුන්නා..

කෙල්ල නලල , තොල් පෙන්නන ගමන් හොබීට කියනකොට හොබි කෙල්ලව බදාගත්තා..යූන්ගිට සේරව සෙට් කරගන්න සම්පූර්ණයෙන්ම උදව් කරේ හොබි...හොබීට සේරා හරියට එයාගෙම නංගි කෙනෙක් වගේ වෙනකොට යූන්ගිගේ වියෝව ගැන සේරා කොහොම හැසිරෙයිද කියන සැකේ පිටමයි හොබි සේරා ලගට ආවේ..

🦄 සේරා ඇත්තටම මූහුන දෙන්න..යූන්ගි ආයි එන්නේ නෑ සේරා...ඔයාගේ ගේ ඉස්සරහ තියෙන්නේ යූන්ගිගේ බොඩි එක...

හොබීට එච්චරයි කියන්න පුළුවන් උනේ සේරා හොබීගේ අත් දෙක උඩම කලන්තේ දාලා වැටුනා..කෙල්ල ප්‍රෙග්නන්ට් නිසාම බය උන හොබි ඉක්මනට කෙල්ලව හොස්පිටල් එකට අරන් යනකොට ඩොක්ටර්ස්ලා ඉක්මනට කෙල්ලව චෙක් කරා..

💊 බය වෙන්න දෙයක් නෑ...ශොක් එක නිසායි කලන්තේ දාලා තියෙන්නේ..

🦄 ඩොක්ටර් දරුවා ??..

💊 තරුවත් නිරෝගිව ඉන්නවා කැප්ටන්..

ඩොක්ටර් කෙල්ලව චෙක් කරලා එලියට යනකොට යූන්ගි වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න හොබි කෙල්ල ලග නතර උනාම යූන්ගිගේ අම්මලා මලගෙදර වැඩ පටන් ගත්තේ යථාර්ථයට අමාරුවෙන් උනත් මුහුන දෙන්න ඕන නිසායි..

.

.

.

#සැඩරළ

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now