Forget me not - Final chapter

Comincia dall'inizio
                                    

🐰 ඔයාටත් හ්‍යුන්ග්ගේ වෙනස තේරුනාද ??

ජන්ග්කුක් රාශිගේ පැත්ත හැරිලා අහනකොට කෙල්ල ඔව් කියලා ඔලුව වැනුවා..

🌹 ජින්ගේ විතරක් නෙමෙයි..ලගකදි ඉදන් ඔයත් වෙනස්..මොකකද උනේ ??

🐰 එහෙම ප්‍රශ්නයක් නෑ රාශි..මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න..

ජන්ග්කුක් මුකුත්ම නොකිය ඩෙස්ක් එකේ ඔලුව ගහගන්නකොට දුක හිතුන රාශි එතනින් නැගිටලා එලියට ගියා..ජන්ග්කුක් හිටියේ කොච්චර ලොකු කල්පනාවකද කියනවා නම් රාශි එතනින් නැගිටලා යනවා වත් එය දැක්කේ නෑ..එක්කෝ දැක්කත් ගනන් ගත්තේ නෑ..

🐯 ඒයි කුක්සන් !!

ලෙක්චර් හෝල් එකට ආපු ගමන් ජන්ග්කුක්ගේ පිටට ගහපු ටේහ්‍යුන් එතන එහා පැත්තෙන් වාඩි උනේ කුතුහලෙන්..මොකද වෙනදට ඔහොම ගැහුවා නම් ජන්ග්කුක් ගේමක් අල්ලනවා වගේම ජින් මගේ මල්ලිට ගහන්න එපා ගාලා සද්දයක් දානවා..ඒත් අද ජන්ග්කුක් ඔහේ බලන් ඉන්න එකත් වෙනදට උදෙන්ම එන ජින් තාමත් නැති එකත් ටේහ්‍යුන්ට වගේම එයාගේ පස්සෙන් ආපු ජිමින්ටත් ප්‍රශ්නයක් වෙලයි තිබ්බේ..

🐯 උබලට මොකක්ද වෙලා තියෙන්නේ ජන්ග්කුක් ?? මන් දැන් දවස් ගානක් තිස්සේ බලන් ඉන්නේ..උබ හරියට ඉන්නේ බූටක් කාලා වගේනේ..මොකද රාශි පොල්ල තිබ්බාද ??

ටේහ්‍යුන් හිනාවක් දාගෙන ඇහුවත් ජන්ග්කුක් ගනන් නොගෙන අනිත් පැත්තට හැරුනා..ජන්ග්කුක්ගේ මේ හැසිරීම ටේමින් දෙන්නටත් දුකක් ගෙනල්ලයි තිබ්බේ..මොකද ජන්ග්කුක් කියන්නේ නිහඩ චරිතයක් නෙමෙයි..එයා නිහඩයි කියන්නේ අනිවාර්යයෙන්ම ඉන්නෙ ප්‍රශ්නෙක..

🐥 ජන්ග්කුක්..ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියපන්..උබේ ඕනම දේකට අපි ඉන්නවනේ..ඔහොම මූන එල්ලන් හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑනේ...

🐯 ඒකනෙ බන්..උබ එක පැත්තකින් මූන එල්ලන් ඉන්නවා..ජින් හ්‍යුන්ග් තව පැත්තකින් එල්ලන් ඉන්නවා..රාශි එහෙන් අන්න එලියට වෙලා උබලා දෙන්නාගේ ෆොටෝස් බල බල හූල්ල හූල්ල ඉන්නවා..මොකක්ද බන් මේ උබලා කරන්නේ ?? දැන් උබලා දෙන්නා යාලු වෙලාම සති දෙකක් විතර වෙනවා..මුල් දවස් ටිකේ උබලා දෙන්නා ලව් බර්ඩ්ස්ලා දෙන්නෙක් වගේ හොදට වෙලිලා හිටියානේ..දැන් ඇයි මේ ?? පව් බන් රාශි..ඒ කෙල්ලව මග අරින්න එපා..

Fantasy World || Ot7 || CompletedDove le storie prendono vita. Scoprilo ora