Forget me not - Chapter 01

Bắt đầu từ đầu
                                    

මන් හිතන්නේ කොල්ලටත් ඒක විශ්වාස කරගන්න අමාරු වෙලයි තිබ්බේ...හැබැයි එයාගේ හදවත නම් තාලෙට ගැහුනා..

🌹 මේ මිස්ටර් තමුන් බීරෙක්ද ??

හදවතේ තාලෙටම කෙල්ලගේ ප්‍රශ්නෙට ඔලුව වනපු කොල්ලා තාමත් දන්නේ නෑ කෙල්ල මේ එයාට බනිනවා කියලා..එයාට කෙල්ලගේ සැර වචනත් කනට මී පැණි වක්කරනවා වගෙයි ඇහුනේ..

🌹 තමුන් නම් මහ පිස්සෙක් !!

තවත් බැනලා වැඩක් නෑ කියලා තේරුන කෙල්ල වැටුන බයික් එකත් කෙලින් කරන් එයාගේ තැන තැන වැටුන පොත් ටිකත් අහුලන් බෑග් එකට දාගෙන යන්න ගියේ කොල්ලා බිම ඉදන්ම කම්මුලට අත් තියාගෙන ඒ සුරංගනාවි දිහා බලන් ඉන්නකොටයි..

📞❓ යොබුසයෝ...හ්‍යුන්ග් ඔයා හොදින්ද ??

කොල්ලා ඉන්නේ සිහින ලෝකේ උනත් එයත් එක්ක කෝල් එකේ හිටපු කෙනා නම් මේ වෙනකොට හිටියේ හොදටම බය වෙලා..

📞❓ හ්‍යුන්ග් කතා කරනවකෝ...හ්‍යුන්ග් බය කරන්න එපා ඕයි...කතා කරනවකෝ !!

කෝල් එකේ ඉන්න කෙනා හෙන සද්දෙන් බෙරිහන් දෙනකොට වට පිටේ අයත් තාමත් මහ පාරේ වාඩි වෙලා ඉන්න කොල්ලා දිහා බලන් ගියේ පිස්සෙක් ගානට..

📞❓ යාහ් කිම් සියොක්ජින් !! උත්තර දෙනවා !!

අන්න ඒ පාර නම් කොල්ලාට ඇහුනාද කොහෙද ?? මොකද කෝල් එකේ හිටපු කෙනා ඒ තරම් සද්දෙන් ඒක ඇහුවා.කොටින්ම එතනින් ගියපු අයත් ගැස්සිලා යන්න තරම් ඒ කට සද්දයි..

📞🐹 යොබුසයෝ කුකී...

📞🐰 ආයිශ්..මොකක්ද උනේ හ්‍යුන්ග්...මන් බය උනා..

📞🐹 අහ් ??

ඇත්තටම කිම් සියොක්ජින් එහෙමත් නැත්තම් ජින් ආයි කල්පනා කරන්න පටන් ගත්තේ ඇත්තටම උනේ මොකක්ද කියලයි..ඒත් එයාට ඒ දේ වැඩි වෙලා කල්පනා කරන්න උනේ නැත්තේ කන ලගින්ම ඇහුන හෝන් සද්දේ නිසායි..ඔන්න එතකොටයි එයාට තේරුනේ තමන් ඉන්නේ මහ පාරේ මැද්දේ බිම වාඩි වෙලා කියලා..

🐹 ඔහ් මියානේ..මියානේ...

තමන්ගේ පිටිපස්සේ ඉදන් හෝර්න් එක උඩ නැගගෙන ජින්ගේ පරම්පරාව මතක් කරන ඩ්‍රයිවර්ට් අංශක අනූවටම නවලා සමාව ඉල්ලන් අයින් උන ජින් ආයි කෝල් එකේ හිටපු ජන්ග්කුක් එහෙමත් නැත්තම් එයාගේ මල්ලි ජියෝන් ජන්ග්කුක් එක්ක කතා කරා..

📞🐰 එපාර මොකක්ද උනේ ??

📞🐹 ප්‍රශ්නයක් නෑ කුකී..මන් දැන් එන ගමන්..ඔයාට මොනවද ඕන කිව්වේ ??

📞🐰 මට ඕන මගුලක් නෑ...ඉක්මනට ගෙදර එනවා !!

එහා පැත්තෙන් කෝල් එක කට් උනාම උරහිස් හකුලපු ජින් ෆෝන් එක සාක්කුවට දාගෙන ඉස්සරහට අඩිය තියන්න හැදුවත් එතන බිම වැටිලා තිබ්බ ඩයරි එක දැක්ක නිසා ඒක අතට ගත්තා..

🐹 මේක එයාගෙද ??

අතේ තිබ්බ පුංචි ඩයරිය දිහා බලන් හිටපු ජින් ඒක සාක්කුවට දාගත්තේ අවුරුදු ගානකට පස්සේ ජින්ගේ හිත හොරකම් කරපු සුරංගනාවිව හම්බුවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්මයි..

.

.
.......................................... ♡....................................

මේ කතාව මන් ඊයේ දෙන්න හිටියේ ඒත් මාව වැඩ එක්ක හිර උනා 🥺

ඇත්තටම මේ ප්ලොට් එක දීපු අක්කිගෙ හොදම යාලුවගේ ඊයේ birthday එක..ඉතින් එයාට ගිෆ්ට් එකක් විදියට එයා මේ කතාව ඉල්ලුවේ..ඒත් සොරි අක්කේ මට වෙලාවටම දෙන්න බැරි උනා ☹️

ඒත් මන් අහලා තියෙනවා පරක්කු වෙලා ලැබෙන තෑගි තමයිලු වටින්නෙම 😁❤

.......................................... ♡....................................

Fantasy World || Ot7 || CompletedNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ