මේඝා - Chapter 09

Start from the beginning
                                    

🐹 මේක සරදම් කිරීමට කාලයක් නෙමෙයි ටේහ්‍යුන්..මට ඇත්තම පවසන්න..සොකී කුමරියගේ ජිවිතේ අනතුරේ..

ජින්ගේ අවසන් වචන පේලියත් සමග ටේහ්‍යුන්ගේ ව්‍යාජ හිනාව අතුරුදහන් වෙනකොට ඒ බෝල ඇස්වල ඉබේම කදුලු පිරුනා..

🐯 ඇ..ඇයි සොකීට..අහ්ම් සොකී කු..කුමරියට කුමක්ද වෙලා තියෙන්නේ ??

🐹 වෙලා තියෙන්නේ නෙමෙයි ටේහ්‍යුන් වෙන්න කලිනුයි මට දැනගන්න ඕන...ඇත්තම පවසන්න ටේහ්‍යුන්..මා ඔබව විශ්වාස කරනවා ඔබ මා හට ඇත්තම පවසාවි කියා...එසේ නොමැති වුවහොත් ඇගේ ජිවිතේ හෙට වෙනකොට අවසන් වේවි..

ජින් කියනකොට ජින් ලග දනින් වැටුන ටේහ්‍යුන් ජින්ගේ කකුල් දෙක අල්ලගත්තා..නමුත් ජින් ඉක්මනට ටේහ්‍යුන්ව කෙලින් කරලා හිටවලා උරහිස් දෙකෙන් අල්ලගෙන ඒ මූනට එබුනා..ටේහ්‍යුන්ගේ ඇස්වල කදුලු පිරිලා බේරෙනකොට ජින්ගේ හිතේ පුංචි ඉරිසියාවක් එක්ක ලොකු දුකක් දැනුනා..

🐯 සමාවෙන්න කුමරුනි..ඈට කුමක්වත් සිදු කරන්න එපා..සොකී බොහොම අහින්සකයි..

🐹 මා එය දන්නවා ටේහ්‍යුන්..සොකී කුමරිය අහින්සක නිසායි ඇගේ ජිවිතේ මට ආරක්ෂා කරගන්න ඕන..නැති නම් ඇගේ ජිවිතේ හෙට උදේ වෙනකොට අගබිසව සම්පූර්ණයෙන්ම විනාස කර දමාවි..

ජින් කියනකොට ටේහ්‍යුන්ට දැනුනේ ඔහුගේ කකුල් පන නැතුව යනවා වගේ..නමුත් ජින් ප්‍රවේසමෙන් ටේහ්‍යුන්ව ලග තිබුන පුටුවකින් වාඩි කරවා ටේහ්‍යුන් ලගටම ආවා..

🐹 මට සියලුම දේවල් පවසන්න ටේහ්‍යුන්..එවිට මා හට පුලුවන් සොකීගේ ඔබගේ සොහොයුරාගේ වගේම මගේ සොහොයුරාගෙත් ජිවිත ආරක්ෂා කරන්න !!

සොකීගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති ටේහ්‍යුන් සොකී ගැන දන්න සියලුම දේ ජින් හට පැවසූවා..ටේහ්‍යුන් පවසපු සියලුම දේ හොදින් අසාසිටි ජින් කුමරු අවසානයේ ටේහ්‍යුන් අතට දුන්නේ ලියුම් කවරයක්..

🐹 ටේහ්‍යුන් අද රෑම සොකී කුමරියයි ආරක්ෂක ජන්ග්කුක් එක්ක අගනුවරින් පිටවෙන්න..ඔබලා එනකම් ඉන්චොන් වරායේ බෝට්ටුවක් ඇති..මේ ලියුම පෙන්වා ඔබලට රහසේම පිටවිය හැකියි..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now