File No. 39 - Chapter 01

Mulai dari awal
                                    

🐹 ක්..කුකී මේ අහන්න..මන් ඔයාට ඇත්තටම ආදරෙයි පැටියෝ...ඔයා මගේ පුංචි මල්ලිනේ..ම..මන් මේ කිසි දෙයක් දන්නේ නෑ කුකී..මාව විශ්වාස කරන්න..චේබල්...

🐰 විශ්වාස ?? හහ් විශ්වාසේ කියන එකේ තේරුමවත් තමුසේ දන්නවාද ?? තමුසේ සෙල්ලම් කරේ මගේ ආදරේ එක්ක..මගේ ජිවිතේ එක්ක..මගේ පවුල එක්ක...මට කියලා තිබ්බ හැමදේම විනාස කරලා දාලා දැන් විශ්වාස කරන්න කියලා කොහොමද කියන්නේ ?? තමුසේ තනිකරම බැටලු හම් පුරෝගත්ත වෘකයෙක් කිම් සියොක්ජින් !! තමුසෙට මන් වෛර කරනවා !! මැරිලා පලයන් සියොක්ජින් !! මට තමුන්ව අප්පිරියයි..ම- අහ් !!!

Slap 💥💥

ජින්ගේ කොලර් එක අල්ලන් කෑ ගහපු ජන්ග්කුක්ගේ වචන නතර උනේ මෙච්චර වෙලා නිශ්ශබ්දව හැමදේම අහගෙන හිටපු යූන්ගිගේ කම්මුල්පාරටයි..ජිවිතේට අත උස්සලා නැති, තමන් මොනවා කරත් වචනයක්වත් සැර නොදාන යූන්ගි තමන්ට කම්මුල්පාරක් ගැහුවාම ජන්ග්කුක්ට දැනුනේ ලොකු වේදනාවක්..

🐰 ය්..යූන්ගි හ්‍යුන්ග් ??

🐱 ඔව් යූන්ගි හ්‍යුන්ග් තමයි..තව වචනයක් හරි කතා කරොත් තමුසෙගේ කට තලනවා මන් !!

🐰 ඔයා මුකුත් නොදැනයි ඔහොම කතා කරන්නේ හ්‍යුන්ග්..මෙයා මෙයා මගේ ජිවිතේම විනාස කරා හ්‍යුන්ග්..ම..මගේ ඔම්මා..මගේ අප්පා හැමදේම මට නැති කරා..අවුරුදු දහයෙදි අනාතයෙක් වෙන්න උනේ මූ නිසායි...ම..මන්...

ජන්ග්කුක් කදුලු පුරවන් අඩන ගමන් කියනකොට ජින් දැනෙන ඇගට පන නැති ගතිය නිසා ඩෙස්ක් එක අල්ලගත්තා..

🐱 ඔයා දැක්කාද ජන්ග්කුක් ?? ඔයා දැක්කාද ඒ දේවල් ??

🐰 මේ ෆයිල් එකේ තියෙන දේවල්..

ජන්ග්කුක්ට වචනයක් කියන්නත් කලින් යූන්ගි ෆයිල් එක අරගෙන පොලොවේ ගැහුවා..

🐱 කොහෙද මේකේ කිම් සියොක්ජින් කියලා ලියලා තියෙන්නේ ?? කොහෙද ඒ නම ගෑවිලාවත් තියෙන්නේ ??

🐰 හහ්...අප්පාගේ නම තියෙනකොට ආයි පුතා ගැන අහන්නත් දෙයක්ද ?? කිම් දේහ්‍යුන් කියලා ලස්සනට නම තියෙනකොට ආයි ඕක අහන්න දෙයක්ද?? අප්පා වගේමයි පුතාත්..ඔක්කොම මිනීමරුවෝ !!

Fantasy World || Ot7 || CompletedTempat cerita menjadi hidup. Temukan sekarang