අදුරු සෙවනැලි - chapter 10

Start from the beginning
                                    

✝️ තමුසෙට ඕන දේවල් කරන්න බැහැ...!!

🐹 ඇයි බැරි...මට පුලුවන්...මමයි මේ වලව්වේ හාමු...මට පුලුවන් මූව මරන්න !!

යක්සයා ජින්ගේ ඇගේ ඉදන් කෑ ගහනකොට ෆාදර් ඒ දිහා කට කොනේ හිනාවක් එක්ක බලාගෙන හිටියා..ෆාදර්ට මෙච්චර වෙලා ඕන කරේ ජින්ගේ ඇගට වැහිලා ඉන්න යක්සයා කවුද කියලා බලන්නයි..එයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් යක්සයා කිව්වා එයා කවුද කියලා..

✝️ එහෙනම් ඒ උබ ?? හහ් !! දික්කද වලව්වේ හාමු ??

ෆාදර් නෝක්කාඩුවට හිනා වෙනකොට යක්සයාට කේන්‍ති ගියා..මොකද ෆාදර් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා යක්සයා දන්නවා...අනික් අය නොදන්න දේවල් පවා ෆාදර් දන්නවා කියලා එයා දන්නවා..

🐹 උබ ඇයි ආවේ ?? උබට බෑ මගෙන් මූව බේරගන්න !! උබට එදත් බැරි උනා අදත් බැරි වෙනවා !!

යක්සයා වියරුවෙන් හිනා වෙනකොට ෆාදර්ට හොදටම කේන්ති ගියා..ෆාදර් ඉන්නේ කේන්තියෙන් කියලා එතන වෙන දෙබස් නොතේරුනත් අනිත් අයට ඒක තේරුනා..

✝️ පන පිටින් ඉන්නකොට ඒ කොල්ලට දීපු වද මදි වෙලාද තමුසේ මැරිලත් වද දෙන්නේ ??

🐹 හහ්...ඔව් මදි තමයි...තමුසේ නිසායි මේ දේවල් උනේ !! මගේ පවුල අස්සට ඇවිල්ලා තමුසෙයි මගේ දේවල් ඔක්කොම මට නැති කරේ !!

✝️ මන් නෙමෙයි උබයි ඒවා විනාස කරගත්තේ...මන් කරේ මේ අහින්සකයව බේරගත්ත එක විතරයි !! එදා ඒ පුංචි කෙල්ල ඉල්ලපු විදියටම අදත් ඇවිල්ලා ඉල්ලනකොට මන් කරන්නේ මේ අහින්සකයාව උබ වගේ යක්සයෙක්ගෙන් බේරගන්න හදන එක විතරයි..

🐹 උබට එදා පුලුවන් උනාට දැන් බැහැ ඒක කරන්න..මන් උබලා ඔක්කොමව මරනවා..මුලින්ම පටන් ගන්නේ උබෙන් !!

යක්සයා කේන්තියෙන් කෑ ගහලා නම්ජුන්ගේ ඇගේ වැදිලා කුඩු උන වීදුරු කෑලි ටික ෆාදර්ගේ පැත්තට එව්වාත් ඒවා ෆාදර් ලගටම ඇවිල්ලා පුදුමෙකට වගේ නතර වෙලා බිමට වැටුනා..

✝️ ඒ කාලේ හිටපු පොඩි එකා නෙමෙයි දැන් මන්..උබට බැහැ මගේ බලය එක්ක හැප්පෙන්න !!

ෆාදර් කෑ ගහනකොට ඇස් වටේට කැරකැව්ව යක්සයා තාමත් එක දිගට බයිබලය කියවගෙන යන ලිලී දිහා බලලා කට කොනේ හිනාවක් දැම්මා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now